Latestදේශීය

ශ්‍රී පාද රක්ෂිතයේ ගින්නෙන් අක්කර 3ක් දැවීයයි

බගවන්තලාව, ලොයින්ඕන් ශ්‍රීපාද රක්ෂිතයේ  ඊයේ (20) දා පස්වරුවේ ඇතිවූ  හදිසි ගින්නෙන් එම රක්ෂිතයේ අක්කර තුන හමාරක් පමණ ප්‍රමාණයක් දැවී විනාශයට පත්ව ඇති බව බගවන්තලාව පොලීසිය කියයි.

මෙම ගින්න ලක්ෂපාන යුද හමුදා කඳවුරේ නිලධාරීන් හා බගවන්තලාව පොලීසියේ නිලධාරීන් ප්‍රදේශවාසීන් සමග එක්ව පැතිර යාම වළක්වමින් දැඩි පරිශ්‍රමයක් දරා නිවා දමා ඇත.

ප්‍රදේශයට පවතින  වියලි කාලගුණයත් සමග  වන සතුන් දඩයම් කිරීමේ අරමුණින් ඇතැම් සංවිධානාත්මක පිරිස් විසින් මෙම ගිනි තැබීම් සිදු කරන බව ප්‍රදේශයේ ජනතාව පවසති.

@දිනමිණ


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *