කෝටි 10ක දේපල රාජසන්තකයි
දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු විසින් මත්ද්‍රව්‍ය ජාවාරමෙන් නීති විරෝධී ලෙස වත්කම් උපයාගෙන ඇති බවට නීති විරෝධි වත්කම් විමර්ශන කොට්ඨාසයට ලද පැමිණිල්ලක් මත මුදල් විශුද්ධිකරණ පනත යටතේ එම කොට්ඨාසය මගින් විමර්ශනයක් ආරම්භ කරන ලදී.
එම විමර්ශනයට අදාළව සැකකරු විසින් උපයාගෙන ඇති මුදල් රුපියල් කෝටි 10 කට ආසන්න වටිනාකමින් යුත් දෙමටගොඩ පාර. කොළඹ 09 ප්‍රදේශයේ පිහිටා ඇති සිව් මහල් ගොඩනැගිල්ලක් කිසියම් තැනැත්තෙකුට විකිණීම, පැවරීම හෝ වෙනයම් ක්‍රියාදාමයක් සිදු කිරීම වැලැක්වීම පිණිස අදාල දේපළ ක්‍රියා විරහිත කිරීමේ නියෝගයක් 2025.08.21 වන දින කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය මඟින් නිකුත් කර ඇත.
නීති විරෝධි වත්කම් විමර්ශන කොට්ඨාසය වැඩිදුර විමර්‌ශන සිදු කරනු ලබයි.
@Lanka C News
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

