Latestවිදේශීය

රුසියාවෙන් යුක්‍රේනයට දැවැන්ත ඩ්‍රෝන ප්‍රහාරයක්

රුසියාව යුක්‍රේනයට එල්ල කරන ප්‍රහාර වැඩි කර තිබේ.

ඒ අනුව යුක්‍රේනයේ ප්‍රදේශ කිහිපයකට ඩ්‍රෝන යානා ප්‍රහාර 574ක් සහ මිසයිල ප්‍රහාර 40ක් එල්ල කර ඇති බව යුක්‍රේන නිලධාරීන් පවසයි.

යුක්‍රේනයේ බටහිර නගරයක් වන ලිවිව් හි ඩ්‍රෝන හා මිසයිල ප්‍රහාරයකින් එක් අයෙකු මිය ගිය අතර, නිරිතදිග ට්‍රාන්ස්කාපාතියා කලාපයේ ප්‍රහාරයකින් තවත් 15 දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ.

මෙම ප්‍රහාර එල්ල වූයේ අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යුද්ධය නැවැත්වීම සඳහා රාජ්‍ය තාන්ත්‍රික පියවරයන්ට නායකත්වය දෙන අතරතුර ය. එය අවසන් කිරීමට ගන්නා උත්සාහයන් “ඉතා තීරණාත්මක” වන්නේ මන්දැයි මෙම ප්‍රහාර මගින් ඉස්මතු කර ඇති බව යුක්‍රේන විදේශ අමාත්‍ය ඇන්ඩ්‍රි සිබිහා පවසා ඇත.

කෙසේ නමුත් ජනාධිපති වොලොදිමියර් සෙලෙන්ස්කි පවසා ඇත්තේ රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් හමුවීමට තමන් අපේක්ෂාවෙන් සිටින බවයි.

@දිනමිණ 


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *