Latestදේශීය

සිපෙට්කෝ කොටස් කිහිපයකට සීල් තබයි

(නිලන්ත මදුරාවල)

කොලොන්නාව ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ මානව සම්පත් අංශය ඇතුළු අංශ කිහිපයකට සීල් තබා ඇති ජනාධිපති විශේෂ විමර්ශන ඒකකය පසුගිය කාලයේ සංස්ථාවට පත් කර ඇති නිලධාරීන් සම්බන්ධයෙන් 20 වැනිදා සිට පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

එම අංශවලට සීල් තබා ඇත්තේ 19 වැනිදා සවසය.

ඊයේ පෙරවරුවේ ජනාධිපති විමර්ශන අංශ නිලධාරීන් පැමිණ පරීක්ෂණ ආරම්භ කළ බව එහි ආරංචි මාර්ග සඳහන් කළේය.

මීට හේතු වී ඇත්තේ එහි නිලධාරිනියක් ව්‍යාජ සහතික ඉදිරිපත් කර විශ්‍රාම වයසින් පසුවත් වසර තුනක් සේවයේ යෙදීම යැයි ද මෙම නිලධාරිනිය සම්බන්ධයෙන් ජනාධිපති කාර්යාලයට මෙන් ම ජනාධිපති විමර්ශන ඒකකයටත් පෙත්සම් ලැබී තිබෙන බව ද එම ආරංචි මාර්ග සඳහන් කළේය.

පසුගිය කාලයේ පත් වීම් ලැබූ ඉහළ නිලධාරීන් කිහිප දෙනෙක් සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වෙන බවත් එම ආරංචි මාර්ග කීවේය.

@Aruna


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *