Latestදේශීය

රනිල් බන්ධනාගාර රෝහලට

කොළඹ කොටුව මහේස්ත්‍රාත් නිලුපුලි ලංකාපුර මහත්මිය විසින් ඊයේ (22) දින අගෝස්තු 26 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලද හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බන්ධනාගාර රෝහලට ඇතුළත් කර ඇත.රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව වෛද්‍යවරුන්ගේ උපදෙස් මත බන්ධනාගාර රෝහලට ඇතුළත් කර ඇත.


ඊයේ රක්ෂිත බන්ධනාගාරගත කරන ලද වික්‍රමසිංහ මහතා දැඩි ආරක්ෂාවක් යටතේ බන්ධනාගාර බස් රථයකින් වැලිකඩ බන්ධනාගාරයට ගෙන එන ලදී. ඔහු පැමිණි පසු පවත්වන ලද වෛද්‍ය පරීක්ෂණවලින් පසුව ඔහුව රෝහල් ගත කර තිබේ.
රුධිර පීඩනය ඉහළ යාම සහ සීනි මට්ටම ඉහළ යාම හේතුවෙන් මෙලෙස රනිල් වික්‍රමසිංහ මහතා බන්ධනාගාර රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වේ.


අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලබන 26 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය ඊයේ (22) නියම කළේය.

@දිනමිණ 














කොළඹ කොටුව මහේස්ත්‍රාත් නිලුපුලි ලංකාපුර මහත්මිය විසින් ඊයේ (22) දින අගෝස්තු 26 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලද හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බන්ධනාගාර රෝහලට ඇතුළත් කර ඇත.

වැලිකඩ බන්ධනාගාරයට රැගෙන ආ පසු වෛද්‍ය පරීක්ෂණයකට ලක් කිරීමෙන් අනතුරුව මෙලෙස රෝහල්ගත කර තිබේ.

වයස අවරුදු 76ක් වන ඒ මහතා දීර්ඝ කාලීනව රුධිර පීඩනය ඉහළ යාම සහ සීනි මට්ටම ඉහළ යාම රෝගී තත්වයන්ගෙන් පෙලීම මත මෙම පියවර ගෙන ඇත.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *