ලාංකික තරුණියක් එක්සත් රාජධානියේ දී ඝාතනය කෙරේ
එක්සත් රාජධානියේ වේල්ස් කාඩිෆ් හී ජීවත් වූ නිරෝධා කල්පනී 32 හැවිරිදි ශ්‍රී ලාංකික තරුණියක් ඝාතනය කර තිබේ.
වේල්ස් හී පොලීසිය දැනුම්දී ඇත්තේ, තියුණු ආයුධයකින් පහරදී එම තරුණියව ඝාතනය කර ඇති බවයි.
21 වැනිදා පෙරවරුවේ හදිසි සේවා වෙත ලැබුනු දුරකථන ඇමතුමක් මත රිවර්සයිඩ් හි දකුණු මෝගන් ප්‍රදේශයට පොලිසිය කැදවා තිබූ අතර එහිදී බරපතල තුවාල සහිතව වැටී සිටි තරුණියව සොයාගෙන ඇතැයි වාර්තා වේ.
සිද්ධිය සිදුවූ ස්ථානයේදීම ගිලන් රථ සේවාවේ පරිපූරක වෛද්‍යවරුන් විසින් ඇයට ප්‍රතිකාර ලබා දුන්නද රෝහලට රැගෙන යාමට පෙර තරුණිය එම ස්ථානයේදීම මියගිය බව පොලිසිය සදහන් කර ඇත.
මෙම සිද්ධියට සැකපිට 37 හැවිරිදි තවත් ශ්‍රී ලාංකික පුද්ගලයෙක් ඊට ආසන්න ප්‍රදේශයකදී පොලිසිය විසින් අත්තඩංගුවට ගෙන තිබෙන අතර පොලීසිය පවසන්නේ, එම සැකකරු මියගිය තරුණිය හදුනන අයෙකු බවත් ඔහු පෙන්ට්වින් ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි පුද්ගලයෙක් බවයි.
එමෙන්ම සැකකරුව රදවාගෙන ප්‍රශ්න කරන අතර ඔහුව හදුනා ගැනීම සදහා සිද්ධිය සිදුවූ ප්‍රදේශය අවට පිහිටි ආරක්ෂිත කැමරා දර්ශන හෝ ඩෑෂ් කැමරා දර්ශන ලබා දෙන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිට තිබේ.
මේ වන විට රක්ෂිත බන්ධනාගාරයේ රදවා ඇති සැකකරු අද (23) කාඩිෆ් මහේස්ත්‍රත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ.
@දිනමිණ