රනිල් බලන්න ගිය හරිනි?
(විශ්ව ප්‍රභාත් රශ්මික)
අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය විසින් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සුවසැරිය විමසීම සඳහා 25 අලුයම් කාලයේදී කොළඹ ජාතික රෝහල වෙත පැමිණ ඇති බව මාධ්‍ය වාර්ථා කරන ලද අතර අග්‍රාමාත්‍යවරිය එලෙස රෝහලට පැමිණියේ හිටපු ජනාධිපති ආර්යාව වන මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ සමඟ බව අදාල ප්‍රවෘත්තියේ වැඩිදුරටත් සදහන්.
තවද, ඔවුන් දෙදෙනා රෝහලේ පැය දෙකකට වැඩි කාලයක් ගත කර ඇති බවද එම පුවතේ වැඩිදුරටත් දක්වා ඇත. මේ බව සදහන් වන්නේ Lanka C News ප්රවෘත්ති වෙබ් අඩවියෙහිය. තවද ප්‍රධාන මාධ්‍ය ආයතනයකද මෙම ප්‍රවෘත්තිය විකාශනය කර ඇත.
තවද මේ පිළිබදව ප්රවෘත්ති නිවේදනයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍ය කාර්යාලය සදහන් කරන්නේ එම පුවත සම්පූර්ණයෙන්ම අසත්‍යයක් බවයි. අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රී මහතා නිවේදනයක් නිකුත් කරමින් ඒ බව සදහන් කර ඇත.
තවද එම ව්‍යාජ ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමට අපේක්ෂා කරන බව අග්‍රාමාත්‍යවරියගේ නිල ෆේස්බුක් පිටුවෙහි සටහන් කර ඇත.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

