විපක්ෂයේ කනස්සල්ල එක මිටට
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගැනීම ඇතුළු ඔහුට එරෙහිව සිදු කරන ක්‍රියාදාමයන්ට අප්‍රසාදය පළ කරමින් විපක්ෂයේ සියලු දේශපාලන නියෝජිතයෝ ඊයේ (24දා) කොළඹදී රැස්ව ව්‍යවස්ථාපිත ඒකාධිපතිවාදය පරදමු මැයෙන් අදහස් දැක්වූහ.
අමාරි කලම්බු හෝටලයේදී මෙම හමුව පැවැත්විණි.
හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, මහාචාර්ය ජී. එල්. පීරිස්, නාමල් රාජපක්ෂ, සාගර කාරියවසම්, අකිල විරාජ් කාරියවසම්, තලතා අතුකෝරාළ, කාවින්ද ජයවර්ධන, චම්පික රණවක, ටිරාන් අලස්, පී. තිගාම්බරම්, මනෝ ගනේෂන්, දයාසිරි ජයසේකර, නවීන් දිසානායක, අනුර ප්‍රියදර්ශන යාපා, සුගීෂ්වර බණ්ඩාර ඇතුළු පිරිසක් ද එක්වූ එම හමුවට චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග තම සහාය පළ කරමින් පණිවුඩයක් ද එවා තිබිණි. නිමල් සිරිපාල ද සිල්වා මහතා එය ඉදිරිපත් කර තිබිණි.
@දිවයින
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

