Latestදේශීය

ශෂින්ද්‍ර යලි රිමාන්ඩ්

හානිපූර්ණ කාර්යාලයේ නිලධාරීන්ට බලපෑම් කර අරගල සමයේ හානියට පත් සෙවනගල කිරිඉබ්බන්වැව ප්‍රදේශයේ පිහිටි මහවැලි අධිකාරියට අයත් ඉඩමක අනවසර ගොඩනැඟිල්ලක් ඇතුළු දේපළ සඳහා රුපියල් ලක්‍ෂ 88කට අධික මුදලක් ලබාගැනීමේ චෝදනාවට අත්අඩංගුවට ගෙන රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටින මොනරාගල දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ශෂීන්ද්‍ර රාජපක්‍ෂ මහතා ලබන 29 වැනිදා දක්වා තවදුරටත් රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා ඊයේ (26දා) නියෝග කළේය.

එම සැකකරු වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා හා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙනුවෙන් පෙනීසිටි සහකාර අධ්‍යක්‍ෂ සුලෝචනා හෙට්ටිආරච්චි මහත්මිය කළ කරුණු දැක්වීම් සලකා බැලූ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා එම නියෝගය කළේය. ලැබුණු පැමැණිලි අනුව පරීක්‍ෂණ පැවැත්වූ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව ශෂීන්ද්‍ර රාජපක්‍ෂ මහතාව පසුගිය 6 වැනිදා උදෑසන නුගේගොඩ ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේදී අත්අඩංගුවට ගෙන තිබිණි.

@දිවයින


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *