Latestදේශීය

රාජිතගේ දේපල තහනම් කරන්න මෝසමක්

අධිකරණ වරෙන්තු ලැබ සැඟව සිටින හිටපු ධීවර ඇමති රාජිත සේනාරත්නගේ දේපොළ තහනම් කිරීමේ නියෝගයක් නිකුත් කරන්නැයිි ඉල්ලා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම විශේෂ මෝසමක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම හමුවේ ඊයේ (26) ගොනු කර තිබේ.

රාජිත සේනාරත්න නමින් ලියාපදිංචි කර ඇති කොළඹ පිහිටි රුපියල් මිලියන 30ක අධික වටිනාකමින් යුත් දේපළක් තහනමට ගැනීමට නියෝග නිකුත් කරන ලෙස අල්ලස් කොමිසම ඉල්ලා ඇති අතර අදාළ නියෝගය කඩුවෙල උප දිසාපතිට හා ඉඩම් රෙජිස්ටර්ට ලබා ගැනීමට නියමිත බව වාර්තා වේ.

දිගින් දිගටම අධිකරණය මගහැර සැඟව සිටින රාජිත සේනාරත්නට අධිකරණයෙ පෙනී සිටීමට බල කරන නියෝගයක් පසුගිය 20වෙනි දින මහේස්ත්‍රාත් අධිකරණය විසින් නිකුත් කළ අතර එම නියෝගය ප්‍රකාරව ඔහු ලබන 29 වැනි දින අධිකරණයේ පෙනී සිටින ලෙසට නියෝග කර ඇත.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්ගේ අත්සන සහ නිල මුද්‍රාව සහිතව සිංහල හා දෙමළ භාෂාවලින් නිකුත් කරන ලද මෙම ප්‍රකාශන නියෝගය, පසුගිය 21 වැනි දින චූදිත රාජිත සේනාරත්න පදිංචි නිවෙස් පහක ප්‍රදර්ශනය කර භාර දෙන ලදී. එමෙන්ම, අදාළ නියෝගය එම නිවෙස් අවට ශබ්ද විකාශන යන්ත්‍ර මඟින් ප්‍රචාරය කිරීමද සිදු කෙරිණි.

එම නියෝගයේ පිටපතක් දැනට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේද ප්‍රදර්ශනය කර තිබේ.

මෙම තොරතුරු රැස් කිරීම, චූදිත රාජිත සේනාරත්නට අයත් බවට සැක කෙරෙන කොළඹ 05 ප්‍රජාව කාර්යාලයේ, මාලබේ තලාහේන, මුත්තෙට්ටුවගොඩ පාර පිහිටි නිවසේ සහ බෙරුවල, හෙට්ටිමුල්ලේ පිහිටි නිවාසයන්ට අදාළ දේපළ සම්බන්ධයෙන් සිදු කරන බවට තවදුරටත් වාර්තා වේ.

ඔහුට අයත් වෙනත් දේපළ තිබේද යන්න පිළිබඳවද තොරතුරු සොයා බැලීම සිදු කෙරෙමින් ඇතැයිද වාර්තා වේ.

@Lanka Truth

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *