Latestදේශීය

රේල් ගැටය සහිත දෙමෝදර බොන්ඩිල ගල කන්දේ ගින්නක්

දෙමෝදර දුම්රිය ස්ථානය ආශ්‍රිත රේල් ගැටය පිහිටි බොන්ඩිල ගල කන්දට ඊයේ (26) දින කිසියම් පුද්ගලයෙක් හෝ කණ්ඩායම් විසින් තැබූ ගින්නක් හේතුවෙන් එම කන්ද සම්පූර්ණයෙන්ම විනාශ වී තිබේ.

බදුල්ල බලා ධාවනය වූ රාත්‍රී දුම්රියද ගිනි ජාල මැදින් ගමන් කර තිබෙන අතර දුම්රිය මාර්ගය අසන්නයෙන් මෙම ගින්න හට ගෙන ඇත.

ගින්න පාලනය කිරීමට නොහැකි මට්ටමෙන් පැතිර ගොස් ඇති අතර කන්ද මුදුනේ රෝපණය කර තිබූ ආනන්ද බෝධීන් වහන්සේටද ගින්න නිසා හානි සිදුව තිබේ.

මෙම ගිනි තැබීම නිසා ප්‍රදේශයට ආවේණික සතුන් සහ පක්ෂීන් විශාල ප්‍රමාණයක් මිය ගොස් ඇති අතර දිය උල්පත් වලටද හානි සිදුව ඇත.

@දිනමිණ


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *