Latestදේශීය

හිටපු නාවික හමුදාපති නිශාන්ත නැවත බන්ධනාගාරයට

අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු නාවික හමුදාපති අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න එළැඹෙන සැප්තැම්බර් මස 10 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට පොල්ගහවෙල මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

ඒ ඔහු අද (27) එම අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදීය.

පසුගිදා හිටපු නාවික හමුදාපති අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන පසුව රක්ෂිත බන්ධනාගාරගත කර තිබුණේ 2010 අගෝස්තු 26 හෝ ආසන්න දිනකදි අලව්ව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන කුරුණෑගල රෝහලේ නවතා සිටියදී අතුරුදහන් වූ පුද්ගලයකු සම්බන්ධ නඩුවක් සඳහාය.

එකළ ඔහු නාවික හමුදා බුද්ධි අධ්‍යක්ෂක ලෙස කටයුතු කරමින් සිට ඇත.

@Lanka Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *