අධිකරණ මාර්ගය අවහිර කළ අය අත්අඩංගුවට ගන්න – කොටුව මහේස්ත්‍රාත්වරිය නියෝග කරයි
හිටපු ජනාධිපති රනිල්ට එරෙහි පැමිණිල්ල විභාග කරන අවස්ථාවේ අධිකරණයට පිවිසෙන මාර්ග අවහිර කළ පුද්ගලයින්, වහා අත්අඩංගුවට ගන්නැයි කොටුව මහේස්ත්‍රාත්වරිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබේ.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට එරෙහිව ඇති පැමිණිල්ල විභාග කරන අවස්ථාවේදී අධිකරණයට පිවිසෙන මාර්ග අවහිර වන අන්දමට ජනතාව රැස් කළ පුද්ගලයින්, සංවිධාන කළ අය කවුරුන්ද යන්න විමර්ශනය කර ඔවුන් වහා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර ඇත.
සැකකාර හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ දින රාත්‍රීයේ අධිකරණ පරිශ්‍රයේ සිදු වූ ඇතැම් සිද්ධීන් වීඩීයෝ කර සමාජ මාධ්‍යවල පළ කළ පුද්ගලයින් සොයා වහාම ඔවුන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත් නියෝග කර තිබේ.
ඒ අනුව අධිකරණයට අපහාස කිරීමේ පනතේ සඳහන් ප්‍රතිපාදන යටතේ අදාළ පුද්ගලයින් සම්බන්ධයෙන් ක්‍රියා මාර්ග ගන්නා ලෙසද සදහන් කර ඇති මහේස්ත්‍රාත් නිලුපිලී ලංකාපුර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (26) නියම කර ඇත.
@Lanka Truth
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

