Latestදේශීය

රථවාහන නීති දැඩි කරනවා – පොලිස් මාධ්‍ය ප්‍රකාශක

රථවාහන වැරදි සිදුකරන රියදුරන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය  ප්‍රකාශක එෆ්.යූ. වුට්ලර් මහතා පැවසීය.  ඊයේ (27) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව පැවසීය.

කුලියාපිටිය ප්‍රදේශයේ ඊයේ උදෑසන පාසල් වෑන් රථයක් අනතුරට පත් වීමේ සිදුවීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ එම  ටිපර් රථ රියදුරාට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවයි.

කුලියාපිටිය සිදුවීමේදී ටිපර් රථය වේගයෙන් පැමිණීම නිසා මෙම අනතුර සිදු වී ඇති බවත් හෙතෙම සඳහන් කළේය. මං තීරු නීතිය  දැඩිව ක්‍රියාත්මක කිරීම සඳහා අවධානය යොමු කර ඇතැයිද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

‍රැකියාවල නියුතු කාර්යබහුල රියදුරන්ට ගාලු පාර හරහා කොළඹට අවතීර්ණ වන මාර්ගයේ මංතීරු නීතිය පිළිබඳ වැඩි අවදානයක් යොමු කර තිබේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *