Latestවිදේශීය

අමෙරිකාවේ පාසලක වෙඩි තැබීමක් – ළමුන් දෙදෙනෙක් මියයයි

අමෙරිකාවේ මිනියාපොලිස් හි පාසලක ඊයේ (27) සිදු වූ වෙඩිතැබීමකින් ළමුන් දෙදෙනෙකු මියගොස් තවත් 17 දෙනෙකු තුවාල ලබා තිබේ.

පාසලේ උදෑසන දේව මෙහෙය අතරතුර මෙම ප්‍රහාරය සිදුව ඇත.

වෙඩි ප්‍රහාරයෙන් මියගොස් ඇත්තේ වයස අවුරුදු 8ක සහ 10ක ළමුන් දෙදෙනෙකු බවට පොලීසිය තහවුර කර තිබේ.

මෙම වෙඩි ප්‍රහාරය ළමයි සහ දේව මෙහෙයට සහභාගි වූවන් ඉලක්ක කර සිතාමතා සිදුකළ ප්‍රචණ්ඩ ක්‍රියාවක් බව සඳහන්.

වෙඩික්කරු රයිෆලයක්, ෂොට්ගන් සහ පිස්තෝලයකින් සන්නද්ධව සිට ඇති අතර, ඔහු දේවස්ථානයේ ජනේල හරහා වෙඩි තබා තිබේ.

කෙසේ වෙතත් මෙම වෙඩිතැබීමෙන් අනතුරුව ඔහුද තුවක්කුවකින් වෙඩි ප්‍රහාරයක් එල්ල කරගෙන ඇත.

තුවාල ලැබූවන්ගෙන් 14 දෙනෙකු ළමුන් වන අතර ඉන් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතළ බව පොලීසිය වැඩිදුරටත් පැවසීය.

@sinhala.adaderana.lk


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *