උදය ගම්මන්පිල ගැන CID විමර්ශන
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිලට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් විමර්ශනයක් ආරම්භ කර ඇති බව අනාවරණය වේ.
මේ බව අනාවරණය වන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්ත මේන්තුව මේ සම්බන්ධයෙන් ඊයේ (27) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දුන් දැනුම් දීමක් අනුවය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණයට දැනුම් දී ඇත්තේ 2025 අගෝස්තු මස 05 වැනිදා පැවැත් වූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ජාතීන් අතර අසමගිය ඇති වන ආකාරයේ ප්‍රකාශ සිදු කිරීම සම්බන්ධයෙන් මෙම පරීක්ෂණය සිදු කරන බවය.
සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති පනත සහ දණ්ඩ නීති සංග්‍රහය යටතේ මෙම විමර්ශනය සිදු කරන බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර හමුවේ වැඩිදුරටත් දැනුම් දී ඇත.
@Lanka Truth
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

