Latestදේශීය

රනිල්ව සම්පූර්ණයෙන්ම ඉවර කර දැමුවා – ලාල් කාන්ත

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට ඇප ලබා ගැනීම සඳහා නීතිඥයන් ඉදිරිපත් කළ කරුණු අනුව, ඔහුව සම්පූර්ණයෙන්ම ‘ඉවර කර දැමීමට’ කටයුතු කර ඇති බව කෘෂිකර්ම, පශුසම්පත්, ඉඩම් සහ වාරිමාර්ග ඇමති කේ.ඩී ලාල්කාන්ත පවසයි.

ඒ අනුව, හිටපු ජනාධිපතිට ඇති රෝග සම්බන්ධයෙන් ඉදිරිපත් කළ වාර්තා ඇත්ත යැයි පිළිගත් නිසා, අධිකරණය විසින් ඇප ලබාදී ඇති බවද ඔහු සඳහන් කරයි.

එම රෝග වාර්තා දෙස බැලීමේදී, හිටපු ජනාධිපතිට අනාගතයේ යම් දේශපාලන බලාපොරොත්තුවක් පැවතුණා නම්, එය නීතිඥවරුන් විසින් සම්පූර්ණයෙන්ම ‘ඉවර කර දැමූ’ බවද, ඔහු ජීවිත කාලයටම ඇඳක් මත සිටිය යුතු පුද්ගලයෙක් බවට පත් කළ බවද ඇමති කේ.ඩී ලාල්කාන්ත ප්‍රකාශ කරයි.

මේ හේතුවෙන්, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ මූලිකත්වයෙන් විපක්ෂය පිහිටුවීමට සූදානම් වූ ‘ඒකාබද්ධ විපක්ෂය’ ද සම්පූර්ණයෙන්ම බිඳ වැටී ඇති බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටී.

@Lanka Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *