ඊශ්‍රායල් ප්‍රහාර වේගවත් කරයි – ගාසා හී 61ක් මරා දමයි
ඊශ්‍රායල හමුදා ගාසා නගරයේ නැගෙනහිර සහ දකුණු අසල්වැසි ප්‍රදේශ ඉලක්ක කර ගනිමින් ප්‍රහාර වේගවත් කර තිබේ.
බ්‍රහස්පතින්දා අලුයම සිට ගාසා තීරය පුරාවට එල්ල කරන ඊශ්‍රායල ප්‍රහාරවලින් අවම වශයෙන් පුද්ගලයින් 61 දෙනෙකු මිය ගොස් ඇතැයි අල් ජසීරා ප්‍රවෘත්ති වෙබ් අඩවිය වාර්තා කරයි.
මෙම මෙහෙයුම හේතුවෙන් සැලකිය යුතු ජීවිත හානි සිදුවනු ඇති බවටත්, එහි නවාතැන් ගෙන සිටින දළ වශයෙන් මිලියනයක පලස්තීනුවන් අවතැන් කරනු ඇති බවටත් සදහන් වේ.
ජාත්‍යන්තර ඉල්ලීම් ද නොතකා හරිමින් ඊශ්‍රායල හමුදාව ගාසා නගරය අල්ලා ගැනීමට මෙලෙස සූදානම්වන තත්ත්වයක් දක්නට ලැබේ.
එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්තෝයෝ ගුටරෙස් ද මෙම ප්‍රහාර හෙළා දැක ඇති අතර ඔහු බ්‍රහස්පතින්දා පැවසුවේ එය යුද්ධයේ “නව හා භයානක අවධියක් සංඥා කරන” බවයි.
@දිනමිණ
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

