Latestදේශීය

සමන් ඒකනායක අද (01) CIDයට

රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපති සමයේ ජනාධිපති ලේකම් ලෙස කටයුතු කළ සමන් ඒකනායකට අද (01) පෙරවරු 9.00ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස දන්වා තිබේ.

මෙම කැඳවීම සිදුකර ඇත්තේ, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ එංගලන්තයේ සිදුකළ සංචාරයට අදාළව සිදුකරන විමර්ශනය සඳහා යැයි වාර්තා වේ.

සිද්ධියට අදාළව මීට පෙරද රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපති සමයේ ජනාධිපති ලේකම් ලෙස කටයුතු කළ සමන් ඒකනායක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා ප්‍රකාශ සටහන් කරගෙන තිබිණි.

ඉන් පසු එම විමර්ශනවලටද අදාළව ඔහුට විදේශගතවීම තහනම් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණ නියෝගයක්ද ලබා ගන්නා ලදී.

@Lanka Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *