ශ්රීලනිපට 74යි
ශ්රී ලංකා නිදහස් පක්ෂයේ 74 වන සංවත්සරය අදට (02) යෙදී තිබේ.
සිය සංවත්සර සැමරුම් උත්සවය පක්ෂ මූලස්ථානයේ දී අද පස්වරුවේ පැවැත්වීමට සැලසුම් කර ඇති බව ශ්රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දුමින්ද දිසානායක මහතා සඳහන් කළේය.
“මෙවර අපි 74 වන සංවත්සරය සමරන්නේ, පක්ෂ මුලස්ථානයේ. ඒ සඳහා අපි ආසන සංවිධායකවරු, ඒ වගේම පක්ෂයේ ක්රියාකාරීන් සඳහා අපි ආරාධනා කරලා තියෙනවා. මං හිතන්නේ පහුගිය කාලයේ දේශපාලනය ගැන කතා කරොත් සියලුම දේශපාලන පක්ෂ දැන් නැවත ප්රතිසංවිධානය කරමින් යනවා. ශ්රී ලංකා නිදහස් පක්ෂයත් අපි සංවත්සරයත් සමගම ශ්රී ලංකා නිදහස් පක්ෂය ප්රතිසංවිධාන කටයුතු අපි ආරම්භ කරනවා. ඒ වගේම අපි දිස්ත්රික් මට්ටමින් රැස්වීම් පැවැත්වීම, ආසන බලමණ්ඩල සංවත්සරයෙන් පසුව ආරම්භ කරන්න සුදානම් වෙනවා.”
@sinhala.adaderana.lk
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

