ඉෂාරා සෙව්වන්දි ඩුබායි ගෙන්වා ගත්තා – පද්මේ කියයි
කොළඹ අලුත්කඩේ අධිකරණ සංකීර්ණයේදී පාතාල නායක ගණේමුල්ලේ සංජීව වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ මහ මොළකාරිය ලෙස කටයුතු කළ ඉෂාරා සෙව්වන්දි නමැති කාන්තාව එම ඝාතනයෙන් පසු ඩුබායි රාජ්‍යය වෙත යැවීමට කටයුතු කර ඇති බව මේ වනවිට අනාවරණය වෙමින් පවතී.
කෙහෙල්බද්දර පද්මේගෙන් ප්‍රශ්න කිරීමේදී මේ පිළිබඳ ඉතාම වැදගත් තොරතුරු රාශියක් ලැබී ඇති බවත් ආරක්ෂක හේතූන් මත ඒ පිළිබඳව තොරතුරු හෙළි කළ නොහැකි බවත් විමර්ශන නිලධාරීහු පවසති.
ගණේමුල්ලේ සංජීව ඝාතනය කෙහෙල්බද්දර පද්මේ සහ කොමාන්ඩෝ සලින්ත විසින් මෙහෙයවූ අතර මෙරට මෙහෙයුම භාරව කටයුතු කර තිබුණේ ඉෂාරා සෙව්වන්දි නමැති කාන්තාවයි.
කොමාන්ඩෝ සලිඳු නමැති කුලී මිනීමරුවා විසින් මෙම ඝාතනය සිදුකර ඇති අතර එම කුලී ඝාතකයා මෙහෙයවා ඇත්තේ ඉෂාරා සෙව්වන්දි විසින් බව පසුව අනාවරණය විය. මෙම ඝාතනය සිදුවී දින කීපයකට පසුව ඉෂාරා සෙව්වන්දි නමැති කාන්තාව කෙහෙල්බද්දර පද්මේගේ මෙහෙයවීමෙන් ඩුබායි රාජ්‍යය වෙත ගෙන්වාගෙන ඇති බවට තොරතුරු අනාවරණය වී ඇත.
@දිවයින
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

