Latestදේශීය

එප්පාවල පොස්පේට් අඩු මිලට සමාගම්වලට දීලා

එප්පා­වල පොස්පේට් නිධි­යෙන් ලබා ගන්නා පොස්පේට් තොග අප­න­ය­නය කිරී­මට සම්මත මිල ගණ­න්ව­ලට වඩා අඩු මිල ගණ­න්ව­ලට තමන්ට හිත­වත් සමා­ගම් කිහි­ප­ය­කට ලබා දීමට ඉකුත් රජය සම­යේදී කට­යුතු කිරීම සම්බ­න්ධ­යෙන් හිටපු ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහතා, විෂය භාර ඇමැ­ති­ව­ර­යාව සිටි චාමර සම්පත් දස­නා­යක ඇතුළු එවක කැබි­නට් මණ්ඩ­ලයේ සිටි පිරි­ස­කට එරෙ­හිව ගොනු කළ මූලික අයි­ති­වා­සි­කම් පෙත්ස­මක් විභා­ග­යට ගැනී­මට ශ්‍රේෂ්ඨා­ධි­ක­ර­ණය ඊයේ (01) අව­සර ලබා දුන්නේය.

පෙත්සම් විභා­ගය මාර්තු මස 09 වැනිදා ඇර­ඹී­මට නියම කෙරිණි. අදාළ සිදුවීම හේතු­වෙන් මෙරට ජන­තා­වගේ මූලික අයි­ති­වා­සි­කම් උල්ලං­ඝ­නය විය හැකිය යන පද­නම මත මේ අව­ස­රය දෙන ලදි. එම පෙත්සම පිළි­බ­ඳව මූලික කරුණු සලකා බැලී­මෙන් අන­තු­රුව ජනක් ද සිල්වා, ප්‍රියන්ත ප්‍රනාන්දු සහ සම්පත් අබේ­කෝන් යන මහ­ත්ව­රු­න්ගෙන් සම­න්විත ත්‍රිපු­ද්ගල ශ්‍රේෂ්ඨා­ධි­ක­රණ විනි­සුරු මඬු­ල්ලක් විසින් මේ බව ප්‍රකාශ කරන ලදි. පරි­ස­රය යුක්ති කේන්ද්‍රය විසින් ගොනු කර ඇති මේ පෙත්ස­මෙහි වග­උ­ත්ත­ර­ක­රු­වන් ලෙස හිටපු ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ සහ හිටපු ඇමැති මණ්ඩල සාමා­ජි­ක­යන්, භූ විද්‍යා හා පතල් කාර්යාං­ශය, එහි අධ්‍යක්ෂ ජන­රා­ල්ව­රයා, නීති­ප­ති­ව­රයා ඇතුළු තිස් දෙදෙ­නෙක් නම් කර සිටිති.

පෙත්සම කැඳවූ අව­ස්ථා­වේදී පෙත්ස­ම්කාර පාර්ශ්වය වෙනු­වෙන් පෙනී සිටි නීතිඥ ආචාර්ය රවී­න්ද්‍ර­නාත් දාබරේ මහතා අධි­ක­ර­ණය හමුවේ දීර්ඝ ලෙස කරුණු ඉදි­රි­පත් කළේය. ලෝක වෙළෙ­ඳ­පොළේ පොස්පේට් මෙට්‍රික් ටොන් එකක් සඳහා නිය­මිත මිලට වඩා ඉතාම අඩු මිල­කට පොස්පේට් තොග තමන්ට හිත­වත් සමා­ගම් කිහි­ප­ය­කට අප­න­ය­නය කිරීම සඳහා ලබා­දී­මට වග­උ­ත්ත­ර­ක­රු­වන් කට­යුතු කළ බව ඒ මහතා සඳ­හන් කළේය. පොස්පේට් නිකුත් කිරී­මට අවශ්‍ය බල­පත්‍ර නිකුත් කරන ලෙස එව­කට විෂය භාර ඇමැ­ති­ව­රයා වශ­යෙන් කට­යුතු කළ චාමර සම්පත් දස­නා­යක මහතා භූ විද්‍යා හා පතල් කාර්යාං­ශය ඇතුළු රාජ්‍ය ආය­ත­න­ව­ලට බල­පෑම් සිදු කර තිබෙන බවට තොර­තුරු අනා­ව­ර­ණය වී ඇති බව නීති­ඥ­ව­රයා පෙන්වා දුන්නේය. එප්පා­වල පොස්පේට් නිධිය සම්බ­න්ධ­යෙන් ශ්‍රේෂ්ඨා­ධි­ක­ර­ණය විසින් 2000දී තිබෙන නියෝ­ග­ය­කට පට­හැණි ලෙස ලංකා පොස්පේට් සමා­ගම විසින් පොස්පේට් තොග ගැනීම සිදු කළ බව ඒ මහතා එහිදී සඳ­හන් කළේය. එම­ඟින් රජ­ය­ටත්, මහ­ජ­න­තා­ව­ටත් විශාල පාඩු­වක් සිදුවී ඇති බවට ඔහු චෝදනා කළේය. එම ක්‍රියා­ව­ලිය හේතු­වෙන් මෙරට ජන­තා­වගේ මූලික අයි­ති­වා­සි­කම් උල්ලං­ඝ­නය වී ඇති බවට ද ඔහු කරුණු ඉදි­රි­පත් කළේය. ඉදි­රි­පත් වූ කරුණු සලකා බැලූ ‍ ත්‍රිපු­ද්ගල ශ්‍රේෂ්ඨා­ධි­ක­රණ විනි­සුරු මඬුල්ල එම පෙත්සම විභා­ග­යට ගැනී­මට තීර­ණය කළේය.

@දිනමිණ

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *