Latestදේශීය

විමල්ගේ නඩුව නොවැම්බර් 10

2016 වසරේදී කොළඹ එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට මාර්ගය අවහිර කරමින් උද්ඝෝෂණය කිරීම තුළින් මහජන පීඩාවක් සිදු කිරීමේ චෝදනාව යටතේ විමල් වීරවංශ ඇතුළු 06 දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුවේ සාක්ෂි විභාගය නොවැම්බර් මස 10 වැනි දින පැවැත්වීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්.බෝදරගම මහතා ඊයේ (01) නියෝග කළේය.

සිද්ධියට අදාළ සැකකරුවන් හය දෙනාගෙන් එක් අයෙකු අද අධිකරණයේ පෙනී නොසිටීම නිසා මෙම නියෝගය ලබා දී තිබේ.

2016 පෙබරවාරි 6 වැනි දින එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් අල් හුසේන් කුමරු ලංකාවට පැමිණීමට විරෝධය පළ කරමින් එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිටල තුම්මුල්ල ඇතුළු මාර්ග අවහිර වන අන්දමින් උද්ඝෝෂණයක නිරත වීමට එරෙහිව මෙම නඩුව කුරුඳුවත්ත පොලිසිය විසින් පවරා ඇත.

@දිවයින


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *