Latestදේශීය

සංජීව ඝාතන ගිනි අවි උසාවි ගෙනගිය හැටි වීඩියෝ කර පද්මේට යවලා

ගණේමුල්ලේ සංජීව අලුත්කඩේ උසාවිය තුළ ඝාතනය කිරීමේ සිද්ධියේදී ඒ සඳහා යොදාගත් ගිනිඅවිය නීති පොතක් ඇතුළේ සඟවාගෙන ගිය අයුරු වීඩියෝගත කර කෙහෙල්බද්දර පද්මේ වෙත යවා ඇති අන්දම පොලිසිය මගින් අනාවරණය කරගෙන තිබේ.

අපරාධ නඩු විධාන සංග්‍රහය පොත ඇතුළේ කපා ඉඩ හදාගෙන එය රැගෙන ගොස් තිබෙන අන්දම අදාළ වීඩියෝ පටයේ සටහන්ව තිබේ.

මෙම වසරේ පෙබරවාරි 19 වැනිදා මෙම ඝාතනය සිදුකිරීමට නීතිඥයකුගේ වෙස්ගෙන සමිඳු දිල්ෂාන් පියුමංග කඳානාරච්චි හෙවත් කොමාන්ඩෝ සමිඳු ක්‍රියාකර ඇති අන්දම එම ගිනි අවිය (බහාලු පොත) දැනට අතුරුදන්ව සිටින ඉෂාරා සෙව්වන්දි නමැත්තිය විසින් අධිකරණ භූමිය තුළදී ලබාදෙන අයුරු මීට පෙර CCTV දර්ශන මගින් සටහන්ව තිබිණි.

ගනේමුල්ල සංජීව ඝාතනයෙන් පසු එය ඩුබායි සිට මෙහෙයවූ කෙහෙල්බද්දර පද්මේ සමාජ මාධ්‍ය ඔස්සේ තමා සංජීව ඉවරයක් කළ බවට කළ සඳහන ගැන ද පොලිස් විමර්ශනවලට ලක්විය.

පලාගිය ඉෂාරා ගැන තවම තොරතුරක් නැති අතර ‘කොමාන්ඩෝ සමිඳු’ අත්අඩංගුවට පත්විය.

@දිවයින


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *