අමරණීයත්වයට හේතු කියන ඒ රහස කුමක් ද?
චීන ජනාධිපති ෂී ජින්පින්ගේ ප්‍රධානත්වයෙන් එරට බීජිං නුවර දී ඊයේ පැවැති දෙවැනි ලෝක යුද්ධයේදී ජපානය පරාජයට පත්කිරීමේ 80 වැනි සංවත්සර සැමරුමට රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් සහ උතුරු කොරියානු නායක කිම් ජොන්ග් උන් ඇතුළු රාජ්‍ය නායකයින් 26 දෙනෙක් ද එක්විය.
උත්සවය පැවැති ටියන්-අන්මෙන් චතුරස්‍රයේ උත්සවය වෙත ගමන් කරමින් සිටින අතර පුටින් සහ ෂී ජනාධිපතිවරුන්, අවයව බද්ධ කිරීම මගින් වසර 150ක් ජීවත් වීමට ඇති හැකියාව පිළිබඳව සිදු කරන කතාබහක් විදෙස් මාධ්‍ය ආයතනයක මයික්‍රෙෆා්නයේ සටහන්ව තිබුණි.
චීන ජනාධිපති ෂී ජින්පින් – ”අතීතයේ දී, පුද්ගලයෙකුට වයස 70ට වඩා ජීවත් වීම දුර්ලබ දෙයක්. නමුත් දැන් කියන්නේ වයස 70 තවමත් තරුණයි කියලා.”
රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් –”ජෛව තාක්ෂණයේ දියුණුවත් එක්ක මානව අවයව නැවත නැවත බද්ධ කරන්න පුළුවන් සහ මිනිසුන්ට තරුණ විදියට සහ සදාකාලිකව වුවත් ජීවත් වෙන්න පුළුවන්.”
චීන ජනාධිපති ෂී ජින්පින් – ”මේ ශතවර්ෂයේ අනාවැකිවලට අනුව වසර 150ක් වුණත් ජීවත් වීමේ හැකියාව තිබෙනවා ඒ මගින්”
මේ වන විට හැත්තෑ දෙහැවිරිදි වියේ පසුවන පුටින් සහ ෂී ජින්පින් පිළිවෙලින් වසර 25 සහ 13 බැගින් සිය රාජ්‍යයන් පාලනය කරමින් සිටී.
ඔවුන් දෙදෙනාම මෙතෙක් එම තනතුරුවලින් ඉවත් වීම පිළිබඳව අදහස් පළකර නොමැත.
@sinhala.adaderana.lk