මධුවා අත්අඩංගුවට පත්වූ හේතුව
පුපුරන ද්‍රව්‍ය තොගයක් සිය ගෙවත්තේ වළ දමා සඟවා තබා ගැනීමේ චෝදනාව මත “මධුවා” යන අන්වර්ථ නාමයෙන් ප්‍රකට රැප් ගායක මාධව ප්‍රසාද් නැමැත්තා කහතුඩුව පොලිසිය විසින් පසුගිය 01 වනදා අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම ගායකයා මීට දින කිහිපයකට පෙර ව්‍යාජ ගිනි අවියක් සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත නිදහස්ව සිටින්නෙකි.
සැකකරුගේ නිවසේ වළ දමා තිබූ ඇමෝනියා නයිට්‍රේට් කිලෝග්‍රෑම් දෙකක්, ජෙලග්නයිට් කූරු තුනක් සහ ඩෙටනේටර් පහක් පොලිස් භාරයට ගෙන ඇත.
පොලිසිය වෙත සිදුකළ ප්‍රකාශයේදී, මෙම පුපුරන ද්‍රව්‍ය තොගය තමාට ලබා දුන්නේ ජනප්‍රිය රැප් ගායකයෙකු සහ දැනට මත්ද්‍රව්‍ය චෝදනාවකට රක්ෂිත බන්ධනාගාර භාරයේ පසුවන හිටපු පොලිස් කොස්තාපල්වරයෙකු විසින් බව මෙම අත්අඩංගුවට ගත් ගායකයා පවසා තිබේ. එමෙන්ම ඔහු පාපොච්චාරණය කර ඇත්තේ මෙම පුපුරන ද්‍රව්‍ය බෑගය තම නිවසේ වත්තේ වළ දැමුවේ ඔවුන්ගේ උපදෙස් මත බවය.
මෙම සිද්ධියට සම්බන්ධ බව කියන හිටපු පොලිස් කොස්තාපල්, මීට පෙර කොටවිල පොලිස් ස්ථානයේ තිබූ ගිනි අවියක් සොරකම් කිරීමේ චෝදනාවකට අත්අඩංගුවට ගෙන වැඩ තහනමට ලක්වූවෙකු බවද පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
“මධුවා” යන අන්වර්ථ නාමයෙන් ප්‍රකට රැප් ගායක මාධව ප්‍රසාද් නැමැත්තා නිවසේ වැටලීම සිදු කර ඇත්තේ කහතුඩුව පොලිසියට ලද තොරතුරක් මත බවද වාර්තා වේ.
@Lanka Truth
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

