Latestක්‍රීඩාවිදේශීය

වසර 27කට පසුව එංගලන්තයට එරෙහිව එක්දින තරගාවලියක ජය දකුණු අප්‍රිකාවට

සත්කාරක එංගලන්ත කණ්ඩායමට එරෙහි දෙවන එක්දින ක්‍රිකට් තරගයෙන් ද ලකුණු 5ක ජයක් ලැබීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම ඓතිහාසික ලෝඩ්ස් ක්‍රීඩාංගණයේදී ඊයේ (4) සමත් විය.

මෙම ජයත් සමඟ තරග 2-0ක් ලෙස දකුණු අප්‍රිකාව තරගාවලියේ පෙරමුණ ගත් අතර, ඒ සමග ඔවුන් තවත් තරගයක් ඉතිරිව තිබියදීම තරගාවලියේ ජය තහවුරු කරගත්තේය.

මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකාව පන්දුවාර 50 තුළදී කඩුලු 8ක් දැවී ලකුණු 330ක් රැස් කළේය. ලකුණු 331ක ඉලක්කයක් හඹාගිය එංගලන්තයට පන්දුවාර 50 තුළදී රැස්කළේ කඩුලු 9ක් දැවී ලකුණු 325ක් පමණි.

මෙය වසර 27කට පසු එංගලන්තයට එරෙහිව දකුණු අප්‍රිකාව එරටදී එක්දින තරගාවලියක් ජයගත් පළමු අවස්ථාව ලෙස වාර්තා අතරට එක්විය.

ඔවුන් අවසන් වරට එංගලන්තයේ දී එක්දින තරගාවලියක් ජයගෙන තිබුණේ 1998 වසරේදීය.

@දිනමිණ 

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *