මේ මර්දනයට විරුද්ධව අනිවාර්යයෙන්ම සටන් කරනවා – සුජිත් කුරුවිට
සැප්තැම්බර් 02 දින පෙරටුගාමී සමාජවාදී පක්ෂ ගම්පහ දිස්ත්‍රික් ප්‍රධාන කාර්යාලයට මැර පිරිසක් මැර ප්‍රහාරයක් එල්ල කරමින් එම කාර්යාලය බලහත්කාරයෙන් අත්පත් කරගත් අතර එම අවස්ථාවේ කාර්යාලයේ රැඳී සිටි පිරිස අද ( 2025. 09. 05 ) දින නුගේගොඩදී විශේෂ මාධ්‍යය හමුවක් කැඳවන ලදී.
එහිදී අදහස් දැක්වූ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මධ්‍යම කාරක සභික සුජිත් කුරුවිට.
” යක්කල සිදුවීම ආන්දෝලනාත්මක සිද්ධියක් විදිහට මේ දවස්වල දේශපානලන වේදිකාවේ සාකාච්ඡා වෙනවා. මේ සිදුවීම වෙන්න පෙර අපි බොහොම සාමකාමීව යක්කල කාර්යාලයේ රැඳී සිටියා. අපිට ආරංචි විදිහට මේගොල්ලො 31 වෙනිදත් මෙවැනි ප්‍රහාරයකට සූදානමින් ඉඳලා එදා කාර්යාලයේ වැඩි පිරිසක් රැඳී හිටපු නිසා පසුව ඒ සැළසුම හකුළගෙන තියනවා. ඊටපස්සෙ තමයි ජවිපෙ තීරණය කරළ තියෙන්නේ වැඩි පිරිසක් කාර්යාලයේ නැති දවසක පහරදීලා කාර්යාලයේ හිටපු අයව කොහෙට හරි ගෙනිහින් දාලා මේ කටයුත්ත අවසන් කරන්න. නමුත් ඔවුන්ගේ ඒ සැලැස්ම ඒ විදිහටම ක්‍රියාත්මක කරන්න වුනේ නෑ ඒ මොහොතේ කාර්යාලයේ හිටපු අපි ඔවුන්ට යටත් වුනේ නැති නිසා.
මේ ප්‍රහාරය මෙහෙයවන්න මැදිහත් වුණේ චන්දික අධිකාරී කියන පුද්ගලයා. ඔහු තමයි ජනතා විමුක්ති පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් සංවිධායකයා විදිහට කටයුතු කරන්නේ. ඊට අමතරව අශෝක රංවල, මහින්ද ජයසිංහ, ස්ටෙෆනි ෆ්රනෑන්ඩෝ ඇතුළු ජවිපේ දේශපානලන ක්‍රියාකාරීන් විශාල ප්‍රමාණයක් මැර කණ්ඩායම් එක්ක ආවා. අපි එක්ක ඒ මොහොතේ කාර්යාලයේ හිටිය ඉන්ද්‍රාණි සහෝදරියයි වින්සන් අප්පුහාමි සහෝදරයයි බොහොම වයෝවෘද්ධ අසනීපවලට ප්‍රතිකාර ලබාගන්න අය. මේ දෙන්න 71 ඉඳලා ජනතා විමුක්ති පෙරමුණ වෙනුවෙන් කැපවුණු සහෝදරවරු දෙන්නෙක්. නමුත් ඒ කිසිවක් නොසළකා ඉතාම මෙලෙච්ඡ විදිහට තමයි ඔවුන්ට සැළකුවේ. අපි එක්ක ඒ වෙලාවේ උසස්පෙළ සඳහා පාඩම් කරන ශිෂ්‍යයන් දෙදෙනෙක් හිටියා. ඔවුන්ටත් මෙලෙච්ඡ විදිහට පහර දුන්නා. පාඩම් කරන පොත්පත් පවා ගන්න දුන්නේ නෑ. ඒ මොහොතේ ඒ සිදුවීම අපි වීඩියෝ කරන්න උත්සහා කලා. නමුත් ඒ වීඩියෝ පවා අපිට පහරදීලා බලහත්කාරයෙන් මැකුවා. ඒකට සම්පූර්ණ මැදිහත් වුණේ මහින්ද ජයසිංහ. අපිට හිතාගන්න බැහැ ගුරුවරයෙක් මෙහෙම විකෘති මානසිකත්වයෙන් හැසිරුණේ කොහොමද කියලා.
අපි ඒ ප්‍රදේශයේ මිනිස්සු එක්ක හිටියේ බොහොම සුහඳශීලීව. අපේ කාර්යාලේ පුස්තකාලෙන් පොත් ගන්න ගමේ ළමයි ආවා. අපේ කාර්යාලෙට අල්ලපු ඉඩමේ අයිතිකරුවන් අපිට දිලා තිබුණේ වගා කටයුතු කරගන්න. ඒ අස්වැන්න පවා අපි තනියම භුක්ති වින්දෙ නෑ. අවට අය එක්ක ඒවා බෙදාගත්තා. අපේ කාර්යාලේ ඉඩම මැදින් ගමේ මිනිස්සු එහා මෙහා ගියා. එහෙම තැනකට තමයි ආණ්ඩුව මේ මැර ප්‍රහාරය එල්ල කළේ.
ආණ්ඩුවට ඇත්තටම මේ කාර්යාලයෙන් ඇත්තටම ඇති වැඩක් නෑ. ඇත්තටම මේකෙන් ඔවුන් අපිට දෙන්නේ පණිවුඩයක්. ඒ පණිවුඩය තමයි උඹලා අපිට විරුද්ධ වෙන්න එපා එහෙම විරුද්ධ වුණොත් මෙහෙම තමයි අපි උඹලව මර්දනය කරන්නේ කියන පණිවුඩය තමයි මේ දුන්නේ. අධිකරණ බලතල පොලිස් බලතල මේ සියල්ල දැන් ටිල්වින් සිල්වා භාවිතා කරන්න පටන් අරගෙන. ජනතා විමුක්ති පෙරමුණ මේ පාරේ නම් ඉස්සරහට යන්නේ ඒක ඉතාම බරපතළ තත්වයක්. අපි දන්නවා ඡන්දෙ දීපු ජනතාවගේ අභිලාෂයන්ට විරුද්ධව තමයි ආණ්ඩුව මේ වෙද්දි ක්‍රියාත්මක වෙමින් ඉන්නේ. IMF එකේ විනාශකාරී ආර්ථික කොන්දේසි ඉටු කරන්න, ඉන්දියාවට ලංකාවේ ඉඩම් ටික දෙන්න රාජ්‍ය ආයතන කොටස්කරලා විකුණන්න මේවා තමයි රජයේ අරමුණු වෙලා තියෙන්නේ. ඒවා ක්‍රියාත්මක කරන්න බැහැ ජනතාවගේ විරෝධය එක්ක. අන්න ඒ මහජන විරෝධය මේගොල්ලො යටපත් කරන්න උත්සහ කරන්නේ මර්දනය සහ මැර බලය පාවිච්චි කරල. නමුත් අපි පෙරටුගාමී සමාජවාදී පක්ෂය විදිහට රටේ ජනතාව එක්ක මේ මර්දනයට විරුද්ධව අනිවාරෙන් සඨන් කරනවා. මොකද දේශපානලනය කිරීමේ අයිතිය අපි හැමෝටම තියනවා. ආණ්ඩුවේ මැර තර්ජනවලට භය වෙලා මේ විනාශකාරී ප්‍රතිපත්ති දිහා ඇස් කන් පියාගෙන බලාගෙන ඉන්න අපි සූදානම් නෑ. මොකද මේ ප්‍රහාරයට අදාළ තීන්දුව පැහැදිලිව ගත්තේ ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභාව. ඒ මධ්‍යම කාරක සභාවෙ ටිල්වින් සිල්වා, අනුර දිසානායක, විජිත හේරත්, බමල් රත්නායක වාඩි වෙනවා. මේ මධ්‍යම කාරක සභාව තමයි රටේ අනාගතය ගැන දේශපානලන තීන්දු ගන්නෙත්. අන්න ඒ නිසා තමයි අපි ජනතාවට කියන්නේ මේ නින්දිත හැසිරීමට එරෙහිව එකතුවෙමු කියලා.”
එහිදී අදහස් දැක්වූ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ක්‍රියාකාරී සාමාජිකා, විශ්‍රාමික පාසල් ගුරු ඉන්ද්‍රානි සෝමලතා

" මම වෘත්තීයෙන් විශ්‍රාමික පාසල් ගුරුවරියක්. මම 1979 ඉඳල ජනතා විමුක්ති පෙරමුණ එක්ක ක්‍රියාකාරීව දේශපානලනය කරමින් හිටපු කෙනෙක්. 1987 මාව අත් අඩංගුවට පවද් පත් වුණා. ඒ පක්ෂයට දැවැන්ත රාජ්‍ය මර්දනයක් දියත් වෙලා තිබුණු මොහොතක. එතනින් නිදහස් වෙලා ඇවිල්ලා මම පක්ෂයේ ගුරු සංගමයට සම්බන්ධ වෙලා දේශපානලන කටයුතු කළා. පක්ෂයේ ගුරු සංගමය ගොඩනගන්න අනිත් සහෝදරවරු එක්ක මම විශාල මැදිහත් වීමක් කරලා තියනවා. නමුත් පසුකාලීනව පක්ෂයේ දේශපානලන ගමන් මාර්ගය ගැන අපිට බරපතළ ස්වයං විවේචනයක් තිනුණා. ඒ කාලේ ආව මතවාදී ඛණ්ඩනයෙන් පස්සෙ අපි පෙරටුගාමී සමාජවාදී පක්ෂයට එකතු වෙනවා. එදා ඉඳන් අද වෙනකල් මම පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සාමාජිකාවක් විදිහට බහුජන දේශපානලන වැඩකටයුතු කරමින් ඉන්නේ. නමුත් දැන් මගේ අසනීප තත්වය එක්ක බරපතළ දේශපානලන ක්රියාකාරීත්වයකට මට සම්බන්ධ වෙන්න අමාරුයි. ඒ නිසා මම යක්කල කාර්යාලය ස්ථිර පදිංචිය විදිහට යොදාගෙන තමයි දේශපානලන කටයුතුවල නියැලෙමින් ඉන්නේ.
මම ඒ කාර්යාලයේ හිඳිමින් ගමේ විශාල වැඩකොටසක් කරමිනුයි හිටියේ. මගේ මූලිකත්වයෙන් කාර්යාලයේ පුස්තකාලයක් පවත්වාගෙන ගියා. ඒ පුස්තකාලෙන් පොත් ගන්න ගමේ ගොඩක් ළමයි ආවා. මම පෞද්ගලිකව මැදිහත් වෙලා නොමිලේ ගමේ ගොඩක් ළමයින්ට ඉගැන්නුවා. අපි මෙහෙම දේශපානලන කටයුතු කරමින් ඉන්න වෙලාවක තමයි අපිට ජනතා විමුක්ති පෙරමුණේ සහෝදරවරු ඇවිත් මෙලෙච්ඡ විදිහට පහර දුන්නේ.
කාන්තාවෝ තුන්දෙනෙක් ඇවිත් මාව බලහත්කාරයෙන් කාර්යාලයෙන් එළියට ඇදගෙන යන්න උත්සහා කළා. මම ඒ වෙලාවෙ කිව්වා මම රෝගියෙක් මාව අතහරින්න කියලා. නමුත් ඒ කිසිවක් ඇහුවෙ නෑ. මාව බලහත්කාරයෙන් ඇදගෙන ගියා. ඒ වෙලාවේ මම දැක්කා මහින්ද ජයසිංහ කාර්යාලෙ ඉස්සරහා ඉන්නවා. ඔහු රෝස පාර ටී ශර්ට් එකක් ඇඳගෙන හිටියේ. මට දැනෙන්නේ ඉතාම පිළිකුලක්. මොකද මම පාසල් ගුරුවරියක්. මහින්ද ජයසිංහ කියම්නේ පාසල් ගුරුවරයෙක්. පොදුවේ මේ හැමෝම එක කාලෙක අපි එක්ක එකට දේශපානලනය කළ අය. මට හිතාගන්න බැහැ ජනතා විමුක්ති පෙරමුණ මේ විදිහේ පහත් තැනකට වැටුණේ කොහොමද කියලා. ඔවුන් මේ පහරදුන්නෙ අපේ කර්යාලයට නෙවෙයි. මේ පහරදීම කළේ අපේ දේශපානලනයට. අපේ දේශපානලන මතවාදයට තමයි ඔවුන් පහර දුන්නේ. නමුත් ඒ පහරදීමට භය වෙලා අපේ දේශපානලන මතවාදය අතහරින්න අපි සූදානම් නෑ.
