අයිස් කන්ටේනර් සිද්ධියට පොහොට්ටුවේ පියල් මනම්පේරි අත්අඩංගුවට
අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට භාවිත කරන රසායනික ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 50,000ක පමණ ප්‍රමාණයක් මිද්දෙණිය, තලාව ප්‍රදේශයේ නිවසක වළදමා තිබියදී සොයාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු ප්‍රාදේශීය සභා සභිකයෙකු වන පියල් මනම්පේරි අත්අඩංගුවට ගෙන තිබේ.
මත්ද්‍රව්‍ය නිෂ්පාදනය සඳහා අමුද්‍රව්‍ය ළඟ තබා ගැනීමේ චෝදනා මත ඔහුගේ සහෝදරයා වන සම්පත් මනම්පේරිගේ සාමාජිකත්වය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් අත්හිටුවා තිබේ.
ඒ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටියේය.
කන්ටේනර් දෙකක ගෙනා අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට යොදාගන්නා බවට සැක කෙරෙන අමුද්‍රව්‍ය තොගයක් ඊයේ (05) මිද්දෙණිය ප්‍රදේශයේ නිවසක සඟවා තිබියදී බස්නාහිර උතුර අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් සොයාගනු ලැබූ අතර දැනට අත්අඩංගුවේ පසුවන කෙහෙල්බද්දර පද්මේ ඇතුළු අපරාධ කල්ලියෙන් සිදුකරන ලද ප්‍රශ්න කිරීම්වලදී මේ බව අනාවරණය කරගනු ලැබීය.
@දිනමිණ
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

