Latestවිදේශීය

විප්ලවීය පිම්මක් – රුසියාවේ පිළිකා එන්නත අති සාර්ථකයි

පිළිකා ප්‍රතිකාර සඳහා වැඩිදියුණු කරමින් තිබූ එන්නත සාර්ථක බවත් එය භාවිතයට සූදානම් බවත් රුසියාව සදහන් කර ඇත.

මෙම එන්නතට අදාළ පූර්ව සායනික අත්හදා බැලීම්වල කාර්යක්ෂමතාව සහ ආරක්ෂාව සම්බන්ධයෙන් සාර්ථක ප්‍රතිඵල ලැබීම නිසා දැන් මෙය ප්‍රතිකාර සඳහා යොදාගැනීමට හැකි වන සදහන් වේ.

ෆෙඩරල් වෛද්‍ය හා ජීවවිද්‍යා ඒජන්සියේ ප්‍රධානී වෙරෝනිකා ක්වොටොසොවා පවසන්නේ මේ වනවිට මෙම එන්නත ආරක්ෂිත සහ ප්‍රබල ලෙස ක්‍රියාකරන බවට පූර්ණ සායනික අත්හදාබැලීම්වලින් සනාත වී ඇති බවයි.

නැ‍ගෙනහිර ආර්ථික සංසදයේදී අදහස් දක්වමින් ඇය පවසා ඇත්තේ එන්නත භාවිතයට මුදාහැරීම වෙනුවෙන් අවශ්‍ය නිල අවසරය අපේක්ෂාවෙන් පසුවන බවයි.

පූර්ව සායනික පරීක්ෂණවලදී එන්නත ආරක්ෂිත බව යළි යළිත් තහවුරු වූ බවත් ඇය කියාසිටියාය.

කොවිඩ් එන්නතක් ලෙස භාවිත කළ mRNA එන්නතට යොදාගත් තාක්ෂණයම භාවිත කරමින් වැඩිදියුණු කරන ලද පිළිකා ප්‍රතිකාර එන්නත Enteromix පිළිකා එන්නත ලෙස දැනට හඳුන්වයි.

පිළිකා ගැටිතිවල ප්‍රමණය අඩුකිරීමටත් එහි වර්ධන වේගය අඩාල කිරීමටත් 60% සිට 80%ක් දක්වා හැකියාව පවතින බවට සනාථ වී ඇති බව ඇය පෙන්වා දෙයි. එන්නතේ බලපෑම පිළිකා වර්ගය අනුව වෙනස් වේ.

රුසියානු පර්යේෂකයන් පිරිස් විසින් මෙම එන්නත අත්හදා බලමින් සිටි අතර පසුගිය වසර 03 පුරාම එහි පූර්ව සායනික අත්හදාබැලීම් සිදුකර තිබුණි.

මෙය ආක්‍රමණශීලී පිළිකා වලට එරෙහිව සටන් කිරීමට සහ ඒවා වැළැක්වීමට බලාපොරොත්තුවක් විය හැකි බවත් සදහන් වේ.

@දිනමිණ


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *