Latestදේශීය

මානව හිමිකම් කඩවීම පිළිබඳව දේශීය යාන්ත්‍රණයක් මගින් පමණක් වගවීමේ ක්‍රියාවලියකට පිවිසීමට රජය සූදානම් – විදේශ අමාත්‍ය

මානව හිමිකම් කවුන්සිලයේ තාක්ෂණික සහාය ඇතිව ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කඩවීම පිළිබඳව දේශීය යාන්ත්‍රණයක් මගින් පමණක් වගවීමේ ක්‍රියාවලියකට පිවිසීමට රජය සූදානමින් පසු වන බව අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ (10) ජිනීවාහි මානව හිමිකම් කොමසාරිස් Volker Turk මහතා හමුවීමෙන් අනතුරුවය.

එහිදී Volker Turk මහතා ඉදිරිපත් කළ වාර්තාව සම්බන්ධයෙන් දීර්ඝව සාකච්ඡා කරනු ලැබිණි. එම වාර්තාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ස්ථාවරය සවිස්තරාත්මකව අමාත්‍යවරයා එහිදී පැහැදිළි කළේ ය.

නව රජය යටතේ ලංකාවේ මානව හිමිකම් ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් නව හැරවුමක් ලබා ඇති බවත් අතීතයේ සිදු වූ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් සිදු කිරීමටත් සහ වගවීමේ යාන්ත්‍රණය නිසි පරිදි ස්ථාපිත කිරීමටත් මේ ලැබී ඇති අවස්ථාව මගනොහරිනු ඇතැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරයා සිය අපේක්ෂාව පළ කළේ ය.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *