සමන් ලාල් රිමාන්ඩ්
මගනැඟුම ව්‍යාපෘතිය යටතේ ක්‍රියාත්මක කළ ග්‍රාමීය හා නාගරික අභ්‍යන්තර මාර්ග ඉදිකිරීමේ කටයුතු කොන්ත්‍රාත් 112ක් තම අභිමතය පරිදි ප්‍රජා සංවිධාන 12 කට ප්රදානය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කළ මොරටුව මහ නගර සභාවේ හිටපු නගරාධිපති සමන් ලාල් ප්‍රනාන්දු මහතා ලබන 23 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා ඊයේ (10දා) නියෝග කළේය.
සැකකාර හිටපු නගරාධිපතිවරයා අදාළ මාර්ග ඉදිකිරීමේ කොන්ත්‍රාත් ප්රදානය කර මුදල් ගෙවීමේදී ගිවිසුම්ගත පාර්ශ්වයන්ට හැර වෙනත් පාර්ශ්ව වෙත මුදල් රෙගුලාසිවලට පටහැනි ආකාරයෙන් මුදල් ගෙවා ඇති බව පෙන්වා දෙමින් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව කළ කරුණු දැක්වීම් සලකා බැලූ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා සැකකරු වෙනුවෙන් කළ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය.
එමෙන්ම අදාළ ව්‍යාපෘති සඳහා නීතිවිරෝධී ලෙසත් අයුතු සහගත ලෙසත් මැදිහත් වීමෙන් එම සැකකරු අල්ලස් පනත යටතේ ගැනෙන දූෂණය නමැති වරද සිදුකර ඇතැයි ද විමර්ශන නිලධාරීහු අධිකරණයට පෙන්වා දුන්හ.
@දිවයින

