මහින්ද අත්අඩංගුවට ?
හිටපු කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අත්අඩංගුවට ගැනීම සඳහා සූදානමක් පවතින බවට සමාජ ජාලවල වාර්තා පල වෙයි.
ඔහු කෘෂිකර්ම අමාත්‍යවරයාව සිටියදී “ජාතික ගොවි සතිය” සංවිධානය කිරීමේදී සිදුව ඇති බවට පැවසෙන වංචා සහ දූෂණ සම්බන්ධයෙන් මෙන්ම, කථානායක ධුරය දරන සමයේදී වාහන අවභාවිත කිරීම පිළිබඳව ලැබී ඇති පැමිණිලි මත අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විශේෂ විමර්ශනයක් අරඹා තිබේ.
මාධ්‍යවේදී ශ්‍රී ලාල් ප්‍රියන්ත මහතා සදහන් කරන්නේ මහින්ද යාපා අබේවර්ධන මහතා රුපියල් ලක්ෂ 3638 ක මූල්‍ය අපරාධයක් සිදුකර ඇති බවට චෝදනා එල්ල වී ඇති බවයි.
මෙම විමර්ශනවල ප්‍රගතිය අනුව, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් මහින්ද යාපා අබේවර්ධන මහතා පොදු දේපළ පනත යටතේ අත්අඩංගුවට ගැනෙනු ඇති බවත් ඒ් මහතා වැඩිදුරටත් සඳහන් කර ඇත.
@Lanka C News
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

