Latestදේශීය

කමාන්ඩෝ සලින්තට ආයුධ දුන්නැයි ලුතිනන් කර්නල්වරයෙක් අත්අඩංගුවට

කෙහෙල්බද්දර පද්මෙගේ පාතාල කල්ලියේ න්‍යායාචාර්යවරයා ලෙස කටයුතු කරන කමාන්ඩෝ සලින්ත නමැත්තාට අවි ආයුධ සහ ජීව උණ්ඩ ලබා දුන් බවට සැක කරන යුද හමුදා ලුතිනන් කර්නල්වරයකු පෑලියගොඩ අපරාධ කොට්ඨාසය මගින් ඊයේ (11දා) අත්අඩංගුවට ගෙන ඇත.

යාපනය මල්ලාවි ප්‍රදේශයේ කඳවුරක රාජකාරි කරන මෙම ලුතිනන් කර්නල්වරයා කමාන්ඩෝ බළකායේ රාජකාරි කළ නිලධාරියකි. කමාන්ඩෝ සලින්ත යුද හමුදාවේ රාජකාරි කරන කාල සීමාවේ මෙම ලුතිනන් කරනල්වරයාගේ ආරක්ෂකයා ලෙස කටයුතු කළ අයකු බවද විමර්ශනවලින් හෙළි වී ඇත. කොමාන්ඩෝ සලින්ත විසින් මෙම ලුතිනන් කර්නල්වරයාගේ බැංකු ගිණුමට වරින් වර රුපියල් ලක්ෂ හයක මුදලක් බැර කර තිබූ බවද විමර්ශනවලින් හෙළි වී ඇත. අවස්ථා දෙකකදී මෙම ලුතිනන් කර්නල්වරයා කමාන්ඩෝ සලින්දට ටී 56 ජීව උණ්ඩ දෙසිය පනහකට අධික ප්‍රමාණයක් ලබා දී ඇති බවද හෙළිවී තිබේ.

පොලිසිය සැක පහළ කරන්නේ මෙම කර්නල්වරයා කමාන්ඩෝ සලින්තට ගිනිඅවි ද ලබා දෙන්නට ඇති බවයි. ගාල්ල ප්‍රදේශයේ පදිංචිකරුවකු වන මෙම කර්නල්වරයා දීර්ඝ කාලයක සිට කමාන්ඩෝ සලින්ත සමඟ සමීප සම්බන්ධතා පවත්වා ඇති බවද අනාවරණය වී ඇත. පෑලියගොඩ අපරාධ කොට්ඨාශයේ අධ්‍යක්ෂ රොහාන් ඕලුගල මහතාගේ අධීක්ෂණය යටතේ ප්‍රධාන පොලිස් පරීක්ෂක ලින්ටන් සිල්වා මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් විසින් කරන ලද විමර්ශනයකදී එම ලුතිනන් කර්නල්වරයා අත්අඩංගුවට ගැනීමට හැකිවී තිබේ. අත්අඩංගුවට ගත් ලුතිනන් කර්නල්වරයා වැඩිදුර විමර්ශන කටයුතු සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ඊයේ භාර දී තිබිණි.

@දිවයින

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *