ජපානයට ගංවතුර
ජපානයේ ටෝකියෝ හි ප්‍රදේශ රැසකට බලපෑ අධික වර්ෂාපතනයත් සමඟ ගංවතුර තත්ත්වයක් හට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
අධික සුළං තත්ත්වය හේතුවෙන් එරට වරායක ගොඩගසා තිබු බහාලුම් කිහිපයක් කඩා වැටීමෙන් එක් පුද්ගලයෙකු මියගොස් තවත් අයෙකු තුවාල ලබා තිබේ.
අධික වර්ෂාපතනය හේතුවෙන් ටෝකියෝහි ප්‍රවාහන සේවා ද අඩාල වී ඇත.
දුම්රිය සේවයද තාවකාලිකව අත්හිටුවා ඇති අතර මේ හේතුවෙන් පුද්ගලයින් 100,000ක් පමණ පීඩාවට පත්ව සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
ඉදිරි දින කිහිපයේදී ටෝකියෝවේ ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 100කට වඩා වැඩි වර්ෂාපතනයක් ඇතිවීමේ හැකියාවක් පවතින බවද වාර්තා කර ඇත.
@දිනමිණ
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

