Latestවිදේශීය

නේපාල අගමැති සුෂිලා කාර්කි පාර්ලිමේන්තුව විසුරුවයි

නේපාලයේ අන්තර්කාලීන අගමැතිවරිය ලෙස හිටපු අගවිනිසුරු සුෂිලා කාර්කි පත් කර ඇත.

ඇය අන්තර්කාලීය පරිපාලනයේ ප්‍රධානියා ලෙස ඊයේ රාත්‍රියේ දිවුරුම් දී තිබේ.

තරුණ විරෝධතා හමුවේ නේපාල අගමැතිවරයා ඉල්ලා අස්විමෙන් ඇතිවු පුරප්පාඩුව සදහා අන්තර්කාලින අගමැතිනිය ලෙස හිටපු අගවිනිසුරු සුෂිල් කාර්කි දිවුරුම් දෙන ලදි.

විරෝධතාකරුවන්, ජනාධිපතිවරයා හා හමුදාව අතර ඇති කරගත් එකගතාවකින් පසු මෙම තීරණයට එළඹ ඇති බව සදහන් වේ.

73 හැවිරිදි සුෂිලා කාර්කි නේපාලයේ පළමු අගවිනිසුරුවරිය මෙන්ම අගමැතිනියද වේ.

මේ සතියේ නේපාලයේ පැවති මාරාන්තික විරෝධතා හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයින් 51 දෙනෙකු මිය ගොස්, 1,300 කට වැඩි පිරිසක් තුවාල ලබා, දහස් ගණනක් සිරකරුවන් පලා යාමක් ද වාර්තාවිය.

මේ අතර නේපාලයේ අන්තර්කාලීන අගමැති ලෙස අභිනවයෙන් දිවුරුම් දුන් සුෂිලා කාර්කි එරට පාර්ලිමේන්තුව විසුරුවා හැර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

හිටපු අගවිනිසුරුවරියක වූ ඇය නේපාලයේ පළමු කාන්තා අගමැති ලෙස ඊයේ (12) රාත්‍රියේ දිවුරුම්දීමෙන් අනතුරුව මෙම නියෝගය ක්‍රියාවට නංවා ඇත.

ඒ අනුව නේපාල පාර්ලිමේන්තු මැතිවරණය එළැඹෙන වසරේ මාර්තු 21වනදා පැවැත්වීමට නියමිතය.

මේ අතර මැතිවරණය පැවැත්වෙන තෙක් මාස 6ක කාලයක් සඳහා පත්කළ එරට කැබිනට් මණ්ඩලය ද අද (13) දිවුරුම්දීමට නියමිතව ඇති බවද විදෙස් වාර්තාවන්හි දැක්වේ.

@දිනමිණ

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *