ලොව වේගවත්ම මිනිසා ජැමෙයිකාවේ ඕබ්ලික් සෙවිල්
ජපානයේ ටෝකියෝහිදී පැවැත්වෙන ලෝක මලල ක්රීඩා ශූරතාවලියේදී ලොව වේගවත්ම මිනිසා බවට පත්වීමට ජැමෙයිකාවේ ඕබ්ලික් සෙවිල් සමත් විය. සිය හොඳම පෞද්ගලික දක්ෂතාව දැක්වූ ඔහු ඊයේ පැවති මීටර් 100 පිරිමි ඉසව්ව නිමා කළේ තත්පර 9.77කිනි. අමෙරිකාවේ මෙලිසා ජෙෆර්සන් වුඩන් ලොව වේගවත්ම කාන්තාව බවට පත්වූයේ මීටර් 100 ඉසව්ව තත්පර 10.61කින් නිමා කරමිනි. එය ලෝක ශූරතාවලියේ මීටර් 100 කාන්තා ඉසව්වේ හොඳම කාලය ලෙස ද සටහන් විය.
ජැමෙයිකාවේම කිෂාන් තොම්සන් පිරිමි ඉසව්වේදී රිදී පදක්කම දිනා ගත්තේ තත්පර 9.82කිනි. ඔලිම්පික් ශූර අමෙරිකාවේ නෝවා ලයිල්ස් තත්පර 9.89කින් ලෝකඩ පදක්කමට හිමිකම් කීවේය.
ජැමෙයිකාවේ ටීනා ක්ලේටන් තත්පර 10.76කින් කාන්තා රිදී පදක්කමත්, ඔලිම්පික් ශූරි ශාන්ත ලුසියාහි ජූලියන් ඇල්ෆ්රඩ් (තත්. 10.84) ලෝකඩ පදක්කමත් දිනා ගත්හ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

