රෙක්ෂි නමින් හදුන්වන ඔහු මියගොස් ඇත
කල්පිටිය පොලිස් බල ප්රදේශයට අයත් මොහොත්තුවාරම ප්රදේශයේ ධීවර වාඩියක ධීවරයකු ලෙස සේවයේ යෙදී සිටි වයස අවුරුදු පනහකට පමණ ආසන්න අයකු ඉකුත් දින හදිසියේ ඇතිවූ හෘදයාබාධයකින් මියගොස් ඇති අතර, ඔහුගේ මෘතදේහය මේ වන විට පුත්තලම මූලික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, දේහය භාර දීම සඳහා කල්පිටිය පොලීසිය විසින් පවුලේ අයවලුන්ට හෝ ඥාතීන්ට පැමිණ දේහය හඳුනා ගන්නා ලෙස මහජන සහාය පතයි.
මීට දින කිහිපයකට ඉහතදී කල්පිටිය, මොහොත්තුවාරම ප්රදේශයේ ධීවර වාඩියක ධීවරයකු ලෙස කටයුතු කරමින් සිටියදී හදසියේ ඇතිවූ හෘදයාබාධයකින් පසුව මෙම පුද්ගලයා එම ස්ථානයේදීම ඇද වැටී මරණයට පත්ව තිබූ අතර, පසුව අසල්වාසීන් එක්ව කඩිනමින් රෝහල්ගත කිරීමට කටයුතු කර තිබුණි. ඒ වන විටත් පවුලේ කිසිවකු හෝ ඥාතියකු අසල්වාසියකු පැමිණ නොමැතිකමින් මෘත ශරීරය සම්බන්ධයෙන් මේ වන තෙක් පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කර නොමැති අතර අද (15) අධිකරණ නියෝගයක් ලබා ගනිමින් පුත්තලම මූලික රෝහලේදී මෘත දේහය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සිදු කිරීමට නියමිත බවයි කල්පිටිය පොලීසිය සඳහන් කරන්නේ.
මෙසේ මරණයට පත්ව ඇති තැනැත්තා වයස අවුරු පනහකට ආසන්න පුද්ගලයකු වන අතර, ඔහු දැනට වසර 15ට පමණ ඉහතදී මාරවිල කුරුස පල්ලිය අසල සිට රැකියාවක් නොමැති නිසාවෙන් මෙම ප්රදේශයේ පිරිසක් සමඟ ධීවර රැකියාව සඳහා මෙහි පැමිණ ඇති අතර, මොහුව හඳුන්වනු ලබන්නේ රෙක්ෂි යන නමිනි.
කල්පිටිය පොලීසිය මහජනතාවගෙන් සහය පතන්නේ මොහුව දන්නා හඳුනන අයකු හෝ පවුලේ ඥාතියකු සීටිනම් පුත්තලම මූලික රෝහලට පැමිණ දේහය භාර ගැනීමට කටයුතු කරන ලෙසයි.
@දිනමිණ