Latestදේශීය

හම්බන්තොට නිවාඩු නිකේතනය අයිස් නිෂ්පාදනාගාරයක්

කළුතර අපරාධ කොට්ඨාසය මගින් අද (15) අළුයම වැටලූයේ හම්බන්තොට මයුරපුර ප්‍රදේශයේ නිවස නිවාඩු නිකේතනයක් බවත් එහි අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීමේ නිෂ්පාදනාගාරයක් මෙන්ම රසායනාගාරයක්ද පවත්වාගෙන ගොස් ඇති බවත් වාර්තා වේ.

මෙම තොරතුර අනාවරණය කරගෙන ඇත්තේ පසු ගියදා අත්තඩංගුවට පත් කුඩු නිලංගගේ සමීපතමයකු වන ඇඹිලිපිටිය සුරංග නමැත්තා කළුතර දිසා අපරාධ කොට්ඨාසයෙන් අත්අඩංගුවට ගෙන ඔහුගෙන කළ ප්‍රශ්නකිරීම්වලදී කරන ලද හෙළිදරව්වකට අනුවය.

ඇඹිලිපිටිය සුරංග නමැත්තා පානදුර මහේස්ත්‍රාත් අධිකරණ නියෝගවලට අනුව දින හතක් කළුතර අපරාධ කොට්ඨාසය මගින් රැඳවුම් නියෝග මත රඳවාගෙන තබාගනිමිස් ප්‍රශ්න කරමින් සිටී.

මෙම නිවාඩු නිකේතනයක තිබී අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට යොදාගත් උපකරණ සහ රසායනික ද්‍රව්‍ය ලීටර් 52දක් මෙන්ම එම අවන්හලේ නවතා තිබූ මෝටර් රථයක්ද අත්අඩංගුවට ගෙන ඇත. මෙහි නිෂ්පාදිත අයිස් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කර ඇත්තේ මෙම මෝටර් රථයෙන් බවද පැවසේ.

මෙම මෝටර් රථය මීට පෙර පොලිස් නිලධාරියකු මගින් හෙරොයින් ප්‍රවාහනය කරමින් සිටියදී අත්අඩංගුවට ගත් මෝටර් රථයක් බවද මේ වනවිටත් විමර්ශකයන් තහවුරු කරගෙන ඇතැයි වාර්තා වේ. එම මෝටර් රථය දැනට විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකුගේ නමට ලියාපදිංචි කරන ලද්දක් බවද පැවසේ. මෙම මෝටර් රථය, පානදුර නිලංග නමැත්තා විසින් අයිස් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය සඳහා යොදා ගත් බවට තොරතුරු අනාවරණය වී ඇති බවද පොලිසිය ප්‍රකාශ කරයි.

ඇඹිලිපිටියේ සුරංග නමැත්තාගෙන් ලද තොරතුරක් මත පානදුර අරුක්ගොඩ ප්‍රදේශයේදී වයස අවුරුදු 21ක පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී හම්බන්තොට මයුරපුර ප්‍රදේශයේ පිහිටි නිවාඩු නිකේතනය පිළිබඳ අනාවරණය කර ඇත.

මේ වනවිට අනාවරණය වී ඇති තොරතුරු අනුව මෙම මයුරපුර ප්‍රදේශයේ පිහිටි අවන්හලේ ඉරාන ජාතිකයින් දෙදෙනෙකු හා මෙරට පුද්ගලයින් කිහිප දෙනෙකු එක්ව මෙම අයිස් නිෂ්පාදනය කර ඇත. එම ඉරාන ජාතිකයින් දෙදෙනො මේ වනවිට මෙරටින් පලා ගොස් ඇති බවද පැවසේ. කෙසේ වෙතත් මෙම අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට සම්බන්ධ වූ සැකකරුවන් සොයා කළුතර අපරාධ කොට්ඨාසය ඉදිරි විමර්ශන කටයුතු ක්‍රියාත්මක කරයි.

මෙහි නිෂ්පාදනය කළ අයිස් මත්ද්‍රව්‍ය කෙහෙල් බද්දර පද්මේගේ පාර්ශවයට විකුණූ බවත් මෙහිදී අදාළ 21 හැවිරිදි තරුණයා අනාවරණය කර ඇත.

@Lanka Truth

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *