Latestක්‍රීඩා

ලොව වේගවත්ම මිනිසා ජැමෙ­යි­කාවේ ඕබ්ලික් සෙවිල්

ජපා­නයේ ටෝකි­යෝහිදී පැවැ­ත්වෙන ලෝක මලල ක්‍රීඩා ශූර­තා­ව­ලි­යේදී ලොව වේග­වත්ම මිනිසා බවට පත්වී­මට ජැමෙ­යි­කාවේ ඕබ්ලික් සෙවිල් සමත් විය. සිය හොඳම පෞද්ග­ලික දක්ෂ­තාව දැක්වූ ඔහු ඊයේ පැවති මීටර් 100 පිරිමි ඉසව්ව නිමා කළේ තත්පර 9.77කිනි. අමෙ­රි­කාවේ මෙලිසා ජෙෆ­ර්සන් වුඩන් ලොව වේග­වත්ම කාන්තාව බවට පත්වූයේ මීටර් 100 ඉසව්ව තත්පර 10.61කින් නිමා කර­මිනි. එය ලෝක ශූර­තා­ව­ලියේ මීටර් 100 කාන්තා ඉසව්වේ හොඳම කාලය ලෙස ද සට­හන් විය.

ජැමෙ­යි­කා­වේම කිෂාන් තොම්සන් පිරිමි ඉස­ව්වේදී රිදී පද­ක්කම දිනා ගත්තේ තත්පර 9.82කිනි. ඔලි­ම්පික් ශූර අමෙ­රි­කාවේ නෝවා ලයිල්ස් තත්පර 9.89කින් ලෝකඩ පද­ක්ක­මට හිමි­කම් කීවේය.

ජැමෙ­යි­කාවේ ටීනා ක්ලේටන් තත්පර 10.76කින් කාන්තා රිදී පද­ක්ක­මත්, ඔලි­ම්පික් ශූරි ශාන්ත ලුසි­යාහි ජූලි­යන් ඇල්ෆ්‍රඩ් (තත්. 10.84) ලෝකඩ පද­ක්ක­මත් දිනා ගත්හ.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *