Latestදේශීය

වන්දි ගෙවන්න සූදානම් වෙන්න – සුනිල් වටගල

තමා සම්බන්ධයෙන් කෙරෙන අසත්‍ය ප්‍රකාශ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට පැමිණිලි කිරීමට කටයුතු කරන බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍යල නීතීඥ සුනිල් වටගල මහතා පවසයි.

නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කර තිබුණේල සිනමන් ලයිෆ් නැමැති නිවාස සංකීර්ණයක නිවසක් මිල දී ගෙන ඇති බවට වන ප්‍රචාරණයන් සම්බන්ධව සිය නිල ෆේස්බුක් ගිණුමෙහි සටහනක් තබමිනි.

අදාළ ප්‍රචාරණයන් සාවද්‍ය සහ අවලාදාත්මක ප්‍රචාරණයන් වන බවයි, නියෝජ්‍ය අමාත්‍යවරයා එහි එමගින් සඳහන් කර ඇත්තේ. එහි වැඩිදුරටත් මෙසේද සඳහන් කර තිබේ.

සිනමන් ලයිෆ් නැමැති නිවාස සංකීරණයක නිවසක් මිල දී ගෙන ඇති බවට මා සම්බන්ධයෙන් වන සාවද්‍ය සහ අවලාදාත්මක ප්‍රචරණයක් සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය කිරීමට යම් කිසි කණ්ඩායමක් විසින් කටයුතු කරමින් සිටින බවට කරනු හෙළි වී ඇත.

මෙම ප්‍රචාරයන්හි කිසිදු සත්‍යතාවක් නොමැති අතරල මාගේ පක්ෂය ද මහජනතාව ද මා කෙරෙහි තබා ඇති විශ්වාසයට අබ මල් රේණුවකිනිදු හානියක් සිදුවන කටයුත්තක් මා විසින් සිදුකර නොමැති බවත් ප්‍රකාශ කර සිටිමි.

නීතීඥවරෙයක් ලෙසද දේශපාලන ක්‍රියාකාරිකයෙකු ලෙසද අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස වෙනුවෙන් මා අඛණ්ඩව කොන්දේසි විරහිතව පෙනී සිට ඇත.

එසේ වුවද එකී අයිතිය වල් වැදුණු නිදහසක් නොවන අතරල එකී නිදහස දුෂ්ඨ ලෙස අවභාවිත කිරීම එය දිනා ගැනීමට මානව ශිෂ්ටාචාරය පුරා අනේක විද කැපකිරීම් සිදුකළ සියලු ශ්‍රේෂ්ඨ මිනිසුන්ට කෙරෙන අවමානයකි.

මා සම්බන්ධයෙන් සිදු කර ඇති දේවේශ සහගත සහ අසත්‍ය ප්‍රකාශය සම්බන්ධයෙන් ද ඒ මත පිහිටා සිදු කරනු ලබන ප්‍රචාරණයන් සම්බන්ධයෙන් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට පැමිණිලි කිරීමට කටයුතු කරන අතරල හදුනාගනු ලබන පාර්ශවයන්ට එරෙහි සිවිල් නීතිය යටතේ වන්දි අයකර ගැනීමට නඩු පැවරීමට දැනටමත් කටයුතු සූදානම් කරමින් පවතී.

@දිවයින

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *