Latestදේශීය

රජවත්තේ සංජු අත්අඩංගුවට

තියුණු ආයුධ 05 ක්, ගංජා කිලෝ 04 ක් සහ යතුරු පැදියක් සමග සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු අත්අඩංගුවට ගත්බව කළුතර අපරාධ කොට්ටාශය කියා සිටී.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කළුතර කිතුලාව ප්‍රදේශයේ පදිංචි ,රජවත්තේ සංජු නමැති පුද්ගලයකු බව පොලිසිය කීය. සැකකරු ගංජා ප්‍රවාහනය කරන බවට ලද තොරතුරක් මත ලද තොරතුරක් මත රජවත්ත ප්‍රදේශයේදී යතුරු පැදිය නවතා පරීක්ෂා කිරීමේදී ගංජා කිලෝ 04 යි ග්‍රැම් 50 ක් සමග යතුරු පැදියද පොලිස් භාරයට ගෙන තිබේ.

පසුව සැකකරුගෙන් සිදුකල වැඩිදුර ප්‍රශ්න කිරීම් වලදී අණාවරණයවූ තොරතුරු මත තියුණු ආයුධ 5 ක් ද සොයාගත් බව පොලිසිය සදහන් කරයි. සැකකරු ව්දෙස් රටක සැගව සිටිමින් අපරාධ සහ මත්කුඩු ජාවාරමක නිරත අයෙකුගේ ගෝලයෙක් බවත් සඳහන්ය.

@දිවයින


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *