Latestදේශීය

සාගර කාරියවසම්ට මොකද වුනේ?

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් “කොරොස් කටේ අත දමා ගන්නට නොහැකි තරමට” ව්‍යාකුල වී ඇති බව දේශපාලන නිරීක්ෂකයන් පෙන්වා දෙති.

රාජපක්ෂ පවුල වෙනුවෙන් සහ පොහොට්ටු පක්ෂය වෙනුවෙන් සාගර කාරියවසම් සිදු කරන විවිධ ප්‍රකාශ නැවත ඔවුන්ට ම දරුණු පාරා වළලු වෙමින් තිබෙන බව එම නිරීක්ෂකයන්ගේ මතයයි. එම මතය ප්‍රකාශ කිරීමට ආසන්න ම හේතුව පොහොට්ටු පාක්ෂිකයන් වෙත විවිධ මත්ද්‍රව්‍ය දමා අත්තඩංගුවට ගන්නා බව සාගර කාරියවසම් විසින් ප්‍රකාශ කර තිබීමයි.

එම ප්‍රකාශයට පොදු සමාජයෙන් පවා දැඩි විරෝධයක් සහ අභියෝගයක් එල්ල කර තිබේ. එසේ අත්තඩංගුවට ගත්තේ කවුද, එම අත්තඩංගුවට ගැනීම් සම්බන්ධයෙන් නීතිඥ සාගර කාරියවසම් ඇතුළු පොහොට්ටු පක්ෂයේ නීතිඥයන් වහාම අධිකරණය ඉදිරියට නොයන්නේ මන්දැයි දැඩිව ප්‍රශ්න කෙරෙමින් පවතී.

@Lanka Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *