Latestවිදේශීය

ගාසා වැසියන් මිලියන 3ක් අවතැන් කළ ඊශ්‍රායල් ප්‍රහාර තවත් දැඩි කරයි

ඊශ්‍රායලය ගාසා නගරයට දිගු කලක් තිස්සේ සැලසුම් කර තිබූ ප්‍රධාන ගොඩබිම් ප්‍රහාරයක් දියත් කර තිබේ.

විදෙස් වාර්තා සඳහන් කළේ මෙම හමුදා ප්‍රහාරවලට අමතරව ඊයේ (16) රත්‍රියේ දැඩි ගුවන් ප්‍රහාර එල්ල කර ඇති බවය.

ඊශ්‍රායලය ප්‍රහාර හමුවේ පසුගිය පැය 24 තුළ පුද්ගලයින් 59 දෙනෙකු මියගොස් අවම වශයෙන් 386 දෙනෙකු තුවාල ලබා ඇති බව හමාස් සංවිධානය පවසයි.

බ්‍රිතාන්‍යයේ සහ අනෙකුත් රටවල විවේචන හමුවේ හමාස් සංවිධානයේ අවසාන ප්‍රධාන බලකොටුවට එරෙහිව මෙහෙයුමක් දියත් කර ඇති බව ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු පවසා තිබේ.

ඊශ්‍රායලය ගාසා තීරයේ ජන සංහාරයක් සිදුකරන බව එක්සත් ජාතීන්ගේ විමර්ශන කොමිසම ප්‍රකාශ කිරීමත් සමඟ මෙම ප්‍රහාරය සිදුව ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේය.

ඊශ්‍රායල ආරක්ෂක හමුදා ඇස්තමේන්තුවට අනුව ගසා තීරයේ ජනතාව 3,050,000 ක් පමණ මේ වන විටත් ප්‍රදේශයෙන් ඉවත්ව ගොස් ඇති බව වාර්තා වේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *