Latestවිදේශීය

දිවිපිදූ ශිෂ්‍යයින් සහ තරුණයින් සිහිකර අද නේපාලයේ නිවාඩු දිනයක්

නේපාල ශිෂ්‍ය විරෝ­ධ­තාව අත­ර­තුර ජීවි­ත­ක්ෂ­යට පත්වූ සියලු තරු­ණ­යන් මාතෘ­භූ­මිය වෙනු­වෙන් දිවි පිදූ විරු­වන් ලෙස පිළි­ගැ­නී­මට අග­මැ­ති­නිය සුෂිලා කාර්කිගේ ප්‍රධා­න­ත්ව­යෙන් පෙරේදා පැවැති අන්ත­ර්වාර රජයේ පළමු කැබි­නට් රැස්වී­මේදී තීර­ණය කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. දිවි පිදූ තරු­ණ­යන් සිහි­පත් කිරීම සඳහා අද (17) නේපා­ලයේ මහ­ජන නිවාඩු දින­යක් ලෙස ප්‍රකා­ශ­යට පත් කිරී­මට ද එහිදී තීර­ණය වී තිබේ. එමෙන්ම දෙදි­නක් පුරා පැවැති විරෝ­ධ­තාව අත­ර­තුර සිදුවූ ප්‍රච­ණ්ඩ­කාරි ක්‍රියා සම්බ­න්ධව විධි­මත් පරී­ක්ෂ­ණ­යක් පැවැ­ත්වීම සඳහා ස්වාධීන කමි­ටු­වක් පත් කිරී­මට ද පළමු කැබි­නට් රැස්වී­මේදී තීර­ණය වී ඇතැයි විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කරයි. නේපා­ලයේ හිටපු අග­මැති කේ.පී.ෂර්මා ඔලිගේ පාලන කාලය තුළ අනු­මත කරනු ලැබූ සියලු යෝජනා අව­ලංගු කිරීමට ද මෙහිදී කැබි­නට් මණ්ඩ­ලය ඒක­ම­ති­කව සම්මත කර­ගත් බව වාර්තා වේ.

කෙසේ වුවද අන්ත­ර්වාර කැබි­නට් මණ්ඩ­ල­යට නව ඇමැ­ති­වරු තිදෙ­නකු පත් කිරී­මේදී තරු­ණ­යන්ගේ අද­හස් විම­සී­මක් සිදු නොකළ බවට චෝදනා කර­මින් තරුණ අර­ග­ල­යේදී සංවි­ධා­න­ගත වූ ‘ඉසෙඩ් පර­පුර‘ සමඟ ඒකා­බ­ද්ධව කට­යුතු කළ එරට ‘හමි නේපාල්‘ නමින් හඳු­න්වනු ලබන තරුණ කණ්ඩා­යමේ නායක 36 හැවි­රිදි සුදාන් ගුරුන්ග් විසින් අග­මැ­ති­නි­යට එරෙ­හිව පසු­ගි­යදා අග­මැති නිල නිවෙස ඉදි­රි­පිට විරෝ­ධ­තා­වක නිර­තවී ඇති අතර, තරු­ණ­යන්ගේ අද­හස් විම­සී­ම­කින් තොරව ඇමැ­ති­වරු පත් කිරීම සම්බ­න්ධ­යෙන් අන්ත­ර්වාර අග­මැති සුෂිලා කාර්කිට වහාම ධුර­යෙන් ඉව­ත්වන ලෙස බල­පෑම් කළ බව වාර්තා වේ.

@දිනමිණ 

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *