Latestදේශීය

හිටපු ජනාධිපති නිල නිවාස වලට මොකද කරන්නේ – නලින්ද ජයතිස්ස කියයි

හිටපු ජනාධිපතිවරු නිල නිවාස නිසි ලෙස අතහැර ගිය පසු ඒවායේ තක්සේරු වටිනාකම් උපයා ගැනීමට රජයට සැලසුමක් ඇතැයි කැබිනට් ප්‍රකාශක සහ ජනමාධ්‍ය හා සෞඛ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

ඒ අනුව වැඩිම මූල්‍යමය වාසියක් රජයට ලැබෙන පරිදි භාණ්ඩාගාරයට වාසියක් වන තීන්දුවකට යෑමට රජය සූදානම් බවද ඊයේ (16දා) කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් විසින් අසන ලද ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඇමැතිවරයා කීවේය.

ලැබුණු ජනවරමට අනුව පොදු නීතියක් සම්මත කරගෙන හිටපු ජනපතිවරුන්ගේ හිමිකම් මෙසේ අහෝසි කළ බවත් ඒ අනුව වර්තමාන ජනාධිපතිවරයාටත් ඒ හිමිකම් අහිමි වන බවත් ඇමැතිවරයා කීවේය.

මේ ඔක්කොටම කොළඹ ගෙවලුත් තියෙනවා. මේක ඇබ්බැහියක් වෙලා. අපට ජනවරමක් ලැබිලා තියෙනවා ඒ දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්න. ඒ අනුව අපි කටයුතු කළා. පුද්ගලයන් ඉලක්ක කළේ නෑ. නිල නිවාසවලින් ගියා කිව්වාට තාම හරියට ගිහිල්ලත් නෑ.

චන්ද්‍රිකා හිටපු ජනාධිපතිවරිය නීතිඥ සමාගමක් හරහා ලියුමක් එවල තියෙනවා. එතුමියට තව මාස දෙකක කාලයක් ඉන්න දෙන්න කියලා. සමහර අය ගියා කිව්වට තාම බඩු හරියට භාරදීලත් නෑ. මේ ඔක්කොම ටික හරියට භාර ගත්තට පසුව රජය තීන්දුවක් ගන්නවා ඒවයෙ තියෙන මූල්‍යමය වටිනාකම, වෙළෙඳපොළ අගය යන සියල්ල මත මේවා කොහොමද ආර්ථිකමය වශයෙන් ඵලදායි කටයුතුවලට යොදවන්නෙ කියලා. ඉස්සෙල්ලා යනකම් ඉඳල බලන්න ඕනෑ මොනවද තව ඉතුරු වෙලා තියෙන්නෙ කියලා.

@දිවයින


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *