Latestවිදේශීය

ඊශ්‍රායලයට ක්‍රීඩාව තහනම් කරන්න – ස්පාඤ්ඤ අගමැති කියයි

යුක්රේන යුද ගැටුම් මුල් කර­මින් රුසි­යාව තහ­නම් කළ ආකා­ර­යට ගාසා තීරය ආක්‍ර­ම­ණය කිරීම හේතු­වෙන් ඊශ්‍රා­ය­ල­යට ද ක්‍රීඩාව තහ­නම් කරන ලෙස ස්පාඤ්ඤ අග­මැති පෙඩ්රෝ සැන්චෙස් ජාත්‍ය­න්තර ක්‍රීඩා සංග­ම්ව­ලින් ඉල්ලී­මක් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ගාසා තීරයේ සිදු කරන ජන­සං­හා­රය හේතු­වෙන් ඊශ්‍රා­ය­ලය ජාත්‍ය­න්තර ක්‍රීඩා­වට සහ­භා­ගි­ වී­මට සුදුසු රාජ්‍ය­යක් නොවන බව ද ස්පාඤ්ඤ අග­මැ­ති­ව­රයා සඳ­හන් කර ඇතැයි විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කරයි.

ඊශ්‍රා­ය­ලය දිගින් දිග­ටම ජාත්‍ය­න්තර තර­ග­ව­ලට සහ­භා­ගි­ වීම සදා­චා­රා­ත්ම­ක­දැයි ලෝක ක්‍රීඩා සංග­ම්ව­ලින් විමසා සිටි ස්පාඤ්ඤ අග­මැ­ති­ව­රයා, යුක්රේ­නය ආක්‍ර­ම­ණය කළ බව කිය­මින් ජාත්‍ය­න්තර ක්‍රීඩා­වෙන් රුසි­යාව නෙරපා හැරී­මට පිය­වර ගත් ලෝක ක්‍රීඩා සංගම් ගාසා තීරය ආක්‍ර­ම­ණය කළ ඊශ්‍රා­ලය ක්‍රීඩා­වෙන් නෙරපා නොදැ­මීම සම්බ­න්ධව විම­තිය පළ කළ බව ද වාර්තා වේ.

ම්ලේච්ඡ­ත්වය අව­සන් කර­න­තුරු රුසි­යාව මෙන්ම ඊශ්‍රා­ය­ලය ද කිසිදු ජාත්‍ය­න්තර තර­ග­ය­කට සහ­භාගි නොවිය යුතු බවට අව­ධා­ර­ණය කර­මින් ස්පාඤ්ඤ අග­මැ­ති­ව­රයා වැඩි­දු­ර­ටත් ප්‍රකාශ කර ඇත්තේ ජාත්‍ය­න්තර ක්‍රීඩා සංගම් දෙබිඩි පිළි­වෙ­ත­කින් යුතුව කට­යුතු කරන බවය.

@දිනමිණ

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *