Latestවිදේශීය

චීන ජාතිකයින්ට නාසා තහනම්

අමෙ­රි­කාවේ වලංගු වීසා බල­පත්‍ර සහිත චීන ජාති­ක­යන්ට කොන්ත්‍රා­ත්ක­රු­වන් ලෙස සේවය කිරීම හෝ ශිෂ්‍ය­යන් ලෙස පර්යේ­ෂණ සඳහා දාය­ක­ත්වය ලබා­දීම වහාම ක්‍රියා­ත්මක වන පරිදි අත්හි­ටුවූ බව නාසා අභ්‍ය­ව­කාශ ආය­ත­නය නිවේ­ද­නය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මේ මස 5 වැනිදා සිට බල­පැ­වැ­ත්වෙන පරිදි එම පහ­සු­කම් අත්හි­ටු­වී­මට නාසා ආය­ත­නය තීර­ණය කර ඇත්තේ ආය­ත­නික මට්ට­මෙන් සිදු කරන පර්යේ­ෂණ සහ එහි උපාංග ආරක්ෂා කිරීමේ පිය­ව­රක් ලෙස බව ද විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කරයි.

ලොව විශා­ල­තම ආර්ථි­ක­යන්ට හිමි­කම් කියන අමෙ­රි­කාව සහ චීනය අතර පව­තින තර­ග­කා­රි­ත්වය සහ චීනයේ වේග­යෙන් වර්ධ­නය වන අභ්‍ය­ව­කාශ වැඩ­ස­ට­හන් හේතු­වෙන් චීනය සමඟ දත්ත තොර­තුරු හුව­මාරු කර­ගැ­නීම අමෙ­රි­කානු රජය විසින් තහ­නම් කරනු ලැබු බවත්, ආර­ක්ෂක ගැටලු හේතු­වෙන් එම තීර­ණය ගෙන ඇති බවත් විදෙස් මාධ්‍ය සඳ­හන් කරයි. කෙසේ වුවද අමෙ­රි­කානු රජයේ තීර­ණය මත නාසා ආය­ත­නය විසින් චීන ජාති­ක­යන්ට සිය පහ­සු­කම් අත්හි­ටු­වී­මට පිය­වර ගැනීම දෙරට අතර විද්‍යා­ත්මක සහ­යෝ­ගි­තාව පිරි­හී­මට හේතු­වනු ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

@දිනමිණ

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *