Latestවිදේශීය

ගාසා තීරයට සටන් විරාමයක් ප්‍රකාශයට පත්කරන්න – පාප් වහන්සේ කියයි

ගාසා අර්බු­ද­යට රාජ්‍ය­තා­න්ත්‍රික විස­ඳු­මක් ලබා­ දී­මට සහ ප්‍රාණ ඇප­ක­රු­වන් නිද­හස් කර ගැනීම සඳහා වහාම සටන් විරා­ම­යක් ප්‍රකා­ශ­යට පත් කරන ලෙස 14 වැනි ලියෝ පාප් වහන්සේ ජාත්‍ය­න්තර ප්‍රජා­ව­ගෙන් ඉල්ලා සිටි බව වති­කාන ටයිම්ස් පුවත් සේවය වාර්තා කළේය. ඊයේ උදෑ­සන බැති­ම­තුන් හමු­වේදී එම ඉල්ලීම සිදු කර ඇති අතර, ගාසා තීරයේ පීඩා­වට පත්ව සිටින දහස් සංඛ්‍යාත ජන­තාව කෙරෙහි දැඩි කන­ගා­ටු­වට පත්වන බව ද ප්‍රකාශ කර ඇතැයි වති­කාන ටයිම්ස් පුවත් සේවය වැඩි­දු­ර­ටත් වාර්තා කළේය.

මානව ගරු­ත්ව­යට සෑම පුද්ග­ල­ය­කුම ගරු කළ යුතු බවත් අව­ධා­ර­ණය කර ඇති පාප් වහන්සේ ගාසා තීර­යට සාමය සහ යුක්තිය ඉක්ම­නින්ම උදා­වීම සඳහා සිදු කරන යාච්ඥා­වට එක්වන ලෙස ලියෝ පාප් වහන්සේ ලෝකවාසී­න්ගෙන් ඉල්ලා සිටි බවද වාර්තා වේ.

@දිනමිණ

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *