ගාසා තීරයට සටන් විරාමයක් ප්‍රකාශයට පත්කරන්න – පාප් වහන්සේ කියයි
ගාසා අර්බුදයට රාජ්‍යතාන්ත්‍රික විසඳුමක් ලබා දීමට සහ ප්‍රාණ ඇපකරුවන් නිදහස් කර ගැනීම සඳහා වහාම සටන් විරාමයක් ප්‍රකාශයට පත් කරන ලෙස 14 වැනි ලියෝ පාප් වහන්සේ ජාත්‍යන්තර ප්‍රජාවගෙන් ඉල්ලා සිටි බව වතිකාන ටයිම්ස් පුවත් සේවය වාර්තා කළේය. ඊයේ උදෑසන බැතිමතුන් හමුවේදී එම ඉල්ලීම සිදු කර ඇති අතර, ගාසා තීරයේ පීඩාවට පත්ව සිටින දහස් සංඛ්‍යාත ජනතාව කෙරෙහි දැඩි කනගාටුවට පත්වන බව ද ප්‍රකාශ කර ඇතැයි වතිකාන ටයිම්ස් පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කළේය.
මානව ගරුත්වයට සෑම පුද්ගලයකුම ගරු කළ යුතු බවත් අවධාරණය කර ඇති පාප් වහන්සේ ගාසා තීරයට සාමය සහ යුක්තිය ඉක්මනින්ම උදාවීම සඳහා සිදු කරන යාච්ඥාවට එක්වන ලෙස ලියෝ පාප් වහන්සේ ලෝකවාසීන්ගෙන් ඉල්ලා සිටි බවද වාර්තා වේ.
@දිනමිණ
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

