ලංවිම සේවකයෝ අදත් ලෙඩවෙයි
ලංකා විදුලිබල මණ්ඩලය කොටස් හතරකට වෙන් කිරීමට රජය ගෙන ඇති තීරණයට විරෝධය පළ කෙරෙන වෘත්තීය ක්‍රියාමාර්ගයේ දෙවන අදියර යටතේ එහි එක් සේවක කණ්ඩායමක් ඊයේ (17දා) ලෙඩ නිවාඩු දැමීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වූහ.
ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමෙන් සේවකයන්ට සිදුවන අපහසුතා සම්බන්ධව රජය මේ වන තුරු සාධනීය විසඳුමක් ඉදිරිපත් නොකළ නිසා අද ද (18දා) ලංවිම තවත් සේවක කණ්ඩායමක් ලෙඩ නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයේ නිරත වන බව ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමයේ විධායක කමිටු සාමාජික ධනුෂ්ක පරාක්‍රමසිංහ මහතා ‘දිවයින’ට පැවසීය.
එමෙන්ම විදුලි වෘත්තීය සමිති ඒකාබද්ධව ගත් තීරණයට අනුව ඊයේ විදුලි සේවකයන් විදුලිබල මණ්ඩල මූලස්ථානය ඉදිරිපිට විරෝධතාවක ද නිරත වූහ.
කෙසේ වෙතත් ලබන 21 දාට පෙර සිය ඉල්ලීම්වලට විසඳුම් නොලැබේ නම්, වෘත්තීය ක්‍රියාමාර්ග දැඩි කිරීමට සිදුවන බවත් එය බොහෝ විට දීපව්‍යාප්ත වැඩවර්ජනයක් විය හැකි බවත් විදුලි වෘත්තීය සමිති කියයි.
@දිවයින
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

